මීගමු රෝහල ඉදිරිපිට වැඩි සිටි අසරණ රෝගියා රෝහල් ගත කෙරේ …

0
97

IMG-20201106-WA0026මීගමුව රෝහල ඉදිරිපිට කාත් කව්රුත් නැතිව මරණාසන්නව සිටි රෝගියකු පිළිබඳ ප්‍රවෘත්තිය අපගේ මීපුර නිව්ස් වෙබ් අඩවියේ පළක⁣ර ගතවූයේ පැය කිහිපයකි.
මේ වනවිට ඒ පිළිබඳව සැබෑ මිනිස් ගුණාංග සහිත මිනිසුන්ගේ මැදිහත්වීමක් සිදුවීමට නියමිත තිබේ.මීපුර වෙබ් අඩවිය අමතා කථා කළ මීගමු රෝහල් සංවර්ධන පදනමේ ප්‍රධාන සංවිධායක වන මාකස් කාරිය කරවන මහතාගේ මේ වෙනුවෙන් තම පදනම දැනටමත් අවැසි පියවරයන් ගත් බව දන්වා සිටියේය.
එමෙන්ම රෝහල් සංවර්ධන පදනමේ සභාපති ක්‍රිශාන්ත දල්පදාදු මහතා සිය ෆේස් බුක් පිටුවේ මේ ගැන සටහන් කර තිබුණි.මේ හදවත් ඇති මිනිසුන්ගේ මැදිහත්විමෙන් මිගමුව පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂක තුමන්ගේ සහයෙන් මේ අසරණ රෝගියාව මේ වන විට රෝහල් ගතකර තිබේ.
රෝහල් කාර්ය මණ්ඩලය මැදිහත්වි මේ රෝගියා නාවා පිරිසිදු කොට ප්‍රතිකාර සදහා යොමුකිරිමට සුදානම් කර තිබුණි