මීගමු රෝහල කොරෝනා වෛරසයට මුහුණ දුන්නේ කෙසේද?

0
53

IMG-20200211-WA0007IMG-20200211-WA0005
මීගමුව රෝහලේ විවිධ අඩුපාඩු තිබෙන නමුත් සෑම ආපදාවකටම මුහුණ දුන් ආකාරය අපි දැක්කෙමු . මෑත සිදුවීම වන ඩෙංගු වසංගතයේදීත්, අප්‍රෙල් 21 බෝම්බය පිපිරීමෙන් සිදුවූ හානිය අවස්ථාවේදීත් අප ⁣එම තත්වය අත්දැක්කෙමු . නමුත් සමහර සිදුවීම් සමස්තයටම ගලපන අයට ඕනෑතරම් අඩුපාඩු මතුකර ගතහැක . අපි සත්‍ය නිවැරදිව දැකීමට නම් සමස්තයක් ලෙස එය අවබෝධ කරගත යුතුය .
කොරෝනා වෛරසය සඳහා රෝහල් බලධාරීන් සහ කාර්‍යමණ්ඩලය කටයුතු කළ ආකාරය අපි මුල සිටම දැක්කෙමු . පලමු රෝගියා හමුවන විට මේ සඳහා යොදා ගන්නා තැන ගැන සහ අවශ්‍ය උපකරණ ආදිය පිළිබඳව ප්‍රශ්ණයක් තිබුනු බව ඇත්තකි. නමුත් පසුව මේ සඳහා සියළු දෙනා එයට මුහුණ දුන්නේ සාමුහිකවය. රෝගීන් තිදෙනකු IDH රෝහලට මාරුකර යැවූ පසුව මුළුමනින්ම 16 වාට්ටුව සෝදා පිරිසිදු කරන විටද අප එය දැක්කෙමු . එහිදී වෛද්‍යවරු පවා මැදිහත්වීමෙන් මෙම වාට්ටුව අදාල පරිදි සූදානම් කෙරින . අංග සම්පූර්ණ නැතත් මේවනවිට එය තත්වයට මුහුණ දීම සඳහා ප්‍රමාණවත්ය. මේ අනුව කරන ලද මෙම මහඟු කාර්‍ය අප අගය කළ යුතුය .
රෝහලේ අඩුපාඩු සහ ගැටළු ගැන අපි නිතර ලිව්වෙමු . නමුත් පිටින් පෙනෙන දේ දැක ලියන සමහර මාධ්‍යයන්ට පෙනෙන්නේ සත්‍ය නොව ඉන් බාගයක් බව කිවයුතුයි. “පෙනෙන දේ පමණක් සත්‍ය නම් විද්‍යාවක් කුමටදැයි කතාවක් ඇත . අපටත් කිවහැක්කේ සමස්තය නොදැක එක කෑල්ලක් දෙස පමණක් බලා එය සත්‍ය ලෙස ගැනීම වරදක් බවයි. රෝහලේ අඩුපාඩු ලියන්න . නමුත් අප එසේ ලිවිය යුත්තේ තිබෙන දේ විනාශ කිරීමට නොව යහපත් අතට ගොඩනැගීමටය.