මීගමු රෝහල බූදලයක් කරගත් කුමාරයෙකුගේ කතාව.?

0
215
මෙල්වා ආයතනය විසින් මිගමුවේ ඉදිකල ළමා වාට්ටුව

ළමා වාට්ටුව

දිනෙන් දින මීගමු රෝහල තම ප්‍රශ්ණ විසඳා ගනිමින් ඉදිරියට යාමට උත්සාහ කරන නමුත් , සමහර අය ඊට විරුද්ධව තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයන් මත කටයුතු කරන බව පෙනේ .
පසුගිය දිනවල මීගමු රෝහලේ ලමාරෝග ඒකකයක් ස්ථාපිත කරන ලදී . අප එය අගය කලේ ජනතාවට එමගින් විශාල සෙතක් ,සහනයක් ලැ⁣බෙන බැවිනි. එය මෙල්වා සමුහ ආයතනය විසින් කරන ලද පරිත්‍යාගයකි.
මෙල්වා විසින් කිනම් අරමුණක් පෙරදැරි කරගෙන විශාල වියදමක් දරා  එය නිමකළ ද එදා පටන් එකි ලමා රෝහල මිගමුව රෝහලේ පොදු පරිපාලන අධිකාරියෙන් බාහිරව වෙනම කුමාරයකුගේ අනසක යටතට පත්ව ඇති සැටියකි.ළමා වාට්ටුව 2

මෙල්වා මුදලාලි සහ කුමාරයා

මෙල්වා හිමිකරු මේ  ගොඩනැගිල්ල නිමකර දි ඇත්තේ මිගමුවේ දරුවන්ටය. එය සැබැවින්ම මිගමුව රෝහලට ලබාදුන් සැබැ දායාදයකි.
එසේ නම් එය පාලනය කළ යුත්තේ මුළු රෝහලේම පරිපාලනය භාර ප්‍රධානියා විසින් විය යුතුය.එහෙත් එය එසේ නොවේ . එපමණක් නොව මෙල්වා මුදලාලිගේ ළමා රෝහලට වෙනමම ආරක්ෂක අංශයක්ද ඇති බැව් සැලය.
ඉන් කියැවෙන්නේ කුමක්ද ?ඒ කාගේ ඉල්ලිමක් නිසා සිදු වුවක්ද ?
මිගමුව රෝහල තුල සිටින්නේ වෛද්‍යවරුන් අනෙකුත් කාර්ය මණ්ඩල සහ රෝගින්ය. ඒ ඇරෙන්නට කුමාරවරුන්ට එහි අයිතියක් ඇත්තේම නැත.
ඇතැම් දේශපාලකයන්ට පන්දම් අල්ලා තවත් තැන්වලද කුමාරයන් ලොක්කන්ට අදින්නට සැරසුණද මිගමුවේදි එයට කිසිලෙසකින් වත් ඉඩදිය යුතු නැත.මේ ගැන අදාල බලධාරින් පමණක් නොව රෝහල් සංවර්ධන පදනම් ඇතුළු රෝහල් කමිටුද අවදි විය යුතු කාලය දැන් පැමිණ තිබේ.
. වෛද්‍ය.වරයෙකු පොදු රැස්වීමක් සඳහා මෙහි කාමරක් ඉල්ලා සිටි අවස්ථාවක ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත .එය කෙසේ ලැබෙන බලයක් දැයි අප නොදනිමු .
මෙල්වා මුදලාලිගෙන් අපට අසන්නට ඇත්තේ ඔබ මෙය දුන්නේ මිගමුවේ දරුවන්ටද නැතිනම් සල්ලිකාර කුමාරයෙකුටදැයි කියාය.
කෙසේ හෝ ඉන්පසු මෙම ඒකකය පිළිබඳ සියළු කටයුතු මෙම කුමාරයාගේ අනසක යටතේ සිදුවිය . එසේම රෝහලේ අනෙකුත් වැඩ වලදීද මොහු තම පුද්ගලික අවශ්‍යතාව අනුව ක්‍රියාත්මක කරන බව රෝහල් ආරංචි මාර්ග පවසයි . පසුගිය දිනක ඇමරිකානු වෛද්‍යවරු යැයි සිතිය හැකි දෙදෙනෙකු  පැමිණ ඩෙංගු පරීක්ෂා කරන මුවාවෙන් යම් මැදිහත් වීමක් කළ බවද සැලවිය . මේ පිළිබඳව රෝහලේ නිසි බලධාරින්ගේ අනුමැතිය නොලබා සිදුවී ඇති බවද ප්‍රකාශිතය.
මෙසේ තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කිරීම සිදුවන්නේ රෝහල් බලධාරීන්ගේ කැමැත්තකින්ද තොරවය. ඒ අනුව මෙය මීගමු රෝහලේ අනාගතය කෙරෙහි බලපාන බරපතල ප්‍රශ්ණයක් බවට පත්වී ඇත .මිගමුව රෝහල තුල ක්‍රියාත්මක ඇතැම් one man show වල ප්‍රතිවිපාකය අදටත් භුක්ති විදින්නට සිදුව ඇත්තේ සමස්ථ රෝහල් කාර්ය මණ්ඩලයට සහ රෝගින් හටය. ගලි වලේ කථාව මෙයට එක් පැහැදිලි උදාහරණයකි. පිස්සන්ට හැතැක්ම නැති ලෙසින් අවිධිමත්ව ටකරන් ගොඩනැගිලි ඉදිකරන්නට යාමේදි  ගලි පද්ධතියට සිදුව ඇතැයි සැක කෙරෙන හානිය නිසා අදටත් ගලිවල බරපතල අවුලකය.

එබැවින් මෙවැනි උද්දච්ච කුමාරවරුන් පාලනය කිරිමට බුද්ධියක් ඇති මිගමුවට සහ මීගමුව රෝහලට ආදරය කරන සැමගේ බරපතල වගකිමක්ව තිබේ.
මෙල්වා මුදලාලිගේ අනාගත ඖෂධ ව්‍යාපාරයේද කොටස්කරුවෙකු වන්නට කුමාරවරුන් දැනටමත් සුදානම්ව ඇතිවාට සැක නැත. මෙල්වා මුදලාලිට කැමැතිනම් අපේ මොකෝ යැයි අපි කියමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here