මීගමු විදුහල්පති පියතුමාට එල්ල වූ විභාග වංචා චෝදනාව යටගැසිමේ තැතක් ?- ගුරු සංගමයෙන් චෝදනා !

0
99
 

 fr.jayantha-5

( 7.15 am ) පසුගිය උසස් පෙළ විභාගයේ දී විභාග අක්‍රමිකතාවකට සම්බන්ධ වූ බවට චෝදනා ලැබූ මීගමුව සාන්ත මරියා විදුහලේ විදුහල්පති පියතුමා සම්බන්ධයෙන් වන පරීක්ෂණ යට ගැසීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පවසයි.විභාගයේ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගය අවසන් වීමට පෙර ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් පිළිබඳව විදුහලේ එම විෂය උගන්වන ගුරුවරයාගෙන් විමසීම විදුහල්පති ජයන්ත වික්‍රමසිංහ පියතුමාට එරෙහිව එල්ලවූ චෝදනාව විය.

මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පවරා තිබිණි.

මේ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව ද වෙනම පරීක්ෂණයක් ආරම්භ කළේය.

කෙසේ වුව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් සිද්ධියට අදාළ ගුරුවරයාගෙන් ප්‍රකාශයක් හෝ ලබාගෙන නැතැයි ද ප්‍රධාන ලේකම්වරයා කීවේය. සිද්ධිය පිළිබඳ පරීක්ෂණවලට විවිධ බලපෑම් එල්ල වන බවට තමන්ට තොරතුරු ඇතැයි ද කී හෙතෙම අවම වශයෙන් විභාග දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වාර්තාවක් හෝ මෙතෙක් නිකුත් කිරීමට අපොහොසත් වී ඇති බවට ද චෝදනා කරයි.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ තවදුරටත් සිදු කෙරෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද ඒ පිළිබඳ වෙනම පරීක්ෂණයක් පවත්වන බවත් මේ පිළිබඳ අරුණ පුවත් පත  කළ විමසුමකට පිළිතුරු දෙමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසා තිබුණි

කොවිඩ් වයිරස් තත්ත්වය එම පරීක්ෂණවලට බාධාවක් වී ඇති බවත් ඒ මහතා සඳහන් කර ඇත.
මේ අතර මෙම විභාග වංචාව හෙළිදරව් කළ සා.මරියා විදුහලේ ගුරුවරයෙකු පසුගියදා මිගමුවේ පොලිසියේ පැමිණිල්ලක් සිදුකර තිබුනේ තමාට දැනමත් විවිධ තර්ජන තිබෙන බව කියමිනි.එමෙන්ම  තර්ක ශ්‍රාස්ත්‍ර විෂයට පමණක් නොව තවත් විෂයන් වලදිදි මෙම වංචාව සිදුව ඇති බව බවට තොරුතුරු ඉදිරිපත් වෙමින් තිබුණි.

සා.මරියා විදුහලේ විදුහල්පති ජයන්ත වික්‍රමසිංහ පියතුමාට වත්මන් ආණ්ඩු පක්ෂය හා ඉතාමත් සමිප දේශපාලන සම්බන්ධතා රැසක් ඇති බවට අවස්ථා ගණනාවකදිම හෙළිදරව් වි තිබේ.
එමෙන්ම පාසැල් ජුබිලිය මහඉහලින් සැමරිම සදහා ඔහුට ඉතාමත් සමිපතම ආදි සිසුන් කණ්ඩායම හා එක්ව මේ දිනවලද කටයුතු කරමින් සිටින බවද සැලය.

එපමණක් නොව මිගමුවේ සමස්ත ජනතාවට අයිතිවිය යුතුව ඇති ක්‍රිඩා පිටියක්ද ඔහුගේ දේශපාලන සම්බන්ධතා යොදා ගනිමින් සා.මරියා විදුහලේ පරිහරණයට පමණක් අයිතිකරගැනිමට පසුගියකාලය තුල කටයුතු කරමින් තිබුණි.
කෙසේ වෙතත් මේවා විශාල විභාග වංචාවක් සිදුකරන ලද අයෙකුට සැබැවින්ම විදුහල්පතිකම් දැරිමට අයිතියක් ඇතිද කියන කරුණ මේ රටේ බුද්ධිමත් සමාජය විසින් තින්දු කළ යුතුව තිබේ.

මන්ද ඔහු විදුහල්පති තනතුරු පමණක් නොව ලෝගුවද මේ වනවිටත් ඉතාමත් නරක ආකාරයෙන් අවභාවිතා කර ඇති බැවිනි .මේ සම්බන්ධයෙන් අප වෙත ලැබි ඇති තොරතුරු එමටය.
ඒවා හෙළිදරව්ව කරන්නේ නම් ලෝගුවකට මුවා වි සිදුව ඇති දැ ගැන සැබැවින්ම හිරිකිත යැයි කියන පිරිස පියතුමා වටේ බාල් නටන කණ්ඩායමට වඩා සැබැවින්ම වැඩිවනු ඇත

මුලාශ්‍රය – අරුණ පුවත්ප