මීගමු වෙරළේ තැනු නීතිවිරෝධි water park එකත් තාත්තාට..?

0
163

මීගමුව වෙරළ  උද්‍යානයේ කිසියම් රහසිගත ඉදිකිරිමක් මිට වසර කිපයකට ඉහතදි සිදුවෙමින් තිබියදි අප ඒ ගැන කරන ලද විමසුමකදි දැනගන්නට ලැබෙන්නේ එහි පිහිනුම් තාටාකයක් ඉදි කෙරෙමින් ඇති බවය.
පසුව අප මේ සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරියෙකුගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා සිටියේ එවන් කටයුත්තක් කිසිදු අවසරයක් ඉල්ලා නැති බවත් එසේ ඉල්ලා සිටියද වෙරළ සිමාවේ කිසිදු ස්ථිර ඉදිකිරිමක් කරන්නට කිසිදු අවසරයක් නැති බවත්ය.
මේ වසර 4 කට පමණ ඉහත සිදුවිමකි.
මේ වසරේ මුල කුඩාපාඩුවේ හෝටලයක් අසල පිහිටි  රජයේ ඉඩමක තරුණයන් විසින් වොලිබෝල් ක්‍රිඩාව සදහා යොදාගෙන තිබුණි.
මෙහි කණු සිටුවා ලිම සදහා කොන්ක්‍රිට් ආධාරයක් මේ තරුණයන් විසින් යොදාගෙන තිබුණි.
ඇමති ලංසාගේ සහෝදරයාගේ  කීම මත ක්‍රියාත්මක වු බලධරයෝ මේ තරුණයන් ගේ වොලිබෝල් ක්‍රිඩාවට වල කපමින් එය නවතා දැමිම සදහා කොන්ක්‍රිට් ආධාරක ඉදිකර තිබිම යන්න නිතිවිරෝධි යැයි සදහන් කර තිබුණි.
එහෙත් අද මීගමුවේ වෙරළ උද්‍යානයට යාබදව දැන් ජල උද්‍යානයක්ද ඉදිවෙමින් පවති.එහි බරපැන බස්නාහිර පළාත් සභාවේ සංවාරක අමාත්‍යංශයේ ප්‍රතිපාදන වලනි.
එහෙත් එහි පාලනය සහ ඒ අදායම ලැබිමට බස්නාහිර පළාත් සභාව හෝ මීගමුව මහනගර සභාවට අවස්ථාවක් නැත.
ඒ නගරයේ එවන් මුදල් හම්බකරගත හැකි සියල්ල මීගමුවේ ගෝඩ් පාදර්ට පමණකි හිමි නිසාය.
සංචාරක කර්මාන්තයට සම්බන්ධ අයෙකු නමින් මේ ජල උද්‍යානයෙන් අදායම් ඉපයිමද ඇමති ලංසා විසින් සිය පියා වෙත පවරා දි තිබේ.beach prk 4beach prk 3beach prk 1

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here