( 10.30 am ) මිගමුව සම්බන්ධිකරණ කමිටුවේ දෙවෙනි රැස්විම පසුගිය 17 වෙනිදා පැවත්වුනේ මිගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ශාලාවක් තුලය. ඊට පෙර රැස්විම සංවිධානය කර තිබුනේ වැල්ලවිදියේ හින්දු සංස්කෘතික ශාලාවක් තුලය.
වෙනත් නගර වල පැවැත්වෙන සම්බන්ධිකරණ රැස්විම් ආවරණය කිරිමට මාධ්‍යවේදින් එක්ව සිටියද මිගමුවේදි එවැන්නකක් දක්නට තිබුනේ නැත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි ප්‍රාදේශිය ලේකම් තුමිය කියා තිබුනේ මාධ්‍යවේදින්ට වෙනමම ආරාධනා නොකළද එය මාධ්‍යවේදින්ටත් විවෘත බවය.
මිගමුව නගරයේ සංවර්ධන කටයුතු ගැන පැවැත්වෙන වඩාත්ම වැදගත් රැස්විම වන්නේද මෙයයි . එය සැබැවින්ම ඉඩකඩ ඇති තැනක පැවැත්විම තුල නිසි අත්‍යවශ්‍ය නිසි සභභාගිත්වයක් ලබාගැනිමට හැකිවෙනු ඇත.
ලබන රැස්විම ඉඩ කඩ ඇති තැනක් සංවිධානය කිරිමට ප්‍රාදේශිය කාර්යාලයේ ආදල බලධාරින් කටයුතු කරනු ඇතැයි යන්න පසුගිය රැස්විම් වලට පැමිණි අයගේ පොදු අදහසයි