මීගමු සමුපේ සීනි ජාවාරමක ?

0
234

NGB-coop-1( 11.55 am )  රටත් ජනතාවත් මුහුණ දි ඇත්තේ දැවැන්ත අර්බුදකයටය. මෙවන් පසුබිමකදි රාජ්‍ය ආයතන හැකි උපරිම අයුරින් කටයුතු කළ යුතුව ඇත්තේ ජනතාවට සහන සැලැසිමටය.
සමුපාකාරය මෙන්ම සතොස වැනි ආයතන මෙහිලා ඉතාමත් වැදගත්වේ.
එහෙත් මීගමුවේද සමුපාකාරය ගැන දිගින් දිගටම ලැබෙමින් ඇති තොරතුරු වලින් කියැවෙන්නේ එය ජනතාවට සෙත සලසන ආකාරයේ මැදිහත්විමක් සදහා සුදානම් නැතිබවය.
එහෙත් එය එක්තරා අන්දමටක විවිධ ජාවාරම් වල නියැලෙන බවටද මේ වන විට චෝදනා එල්ල වෙමින් තිබේ.
රජය සීනි සදහා පාලන මිළක් නියම කළේය.
එය රු 85 කි.
වාර්තා වන අන්දමට මිගමු සමුපාකාරය කිලෝ 80000 කට ආසන්න ප්‍රමාණයක් සීනි ඇණවුම් කර තිබේ.
ඉන් කිලෝ 30000 පමණ ලැබි තිබුන බවද සැලය.
හුදකලා කර ඇති මිගමුවේ ගම්වල ඇති සමුපාකාරද තවමත් විවෘත වි නැත.
තතු එසේව තිබියදි මේ සීනි දැන් ගබඩා වලද නැතැයි රාවයක් සමුපාකාර තුල පැතිර යමින් තිබේ.
එය ඇත්තක් නම් ඉන් කියැවෙන්නේ කුමක්ද?
සමුපාකාර ලොක්කන් හො ලොක්කියන් විසින් සීනි ලොකු ලාභයක්ද තබාගෙන පිට කඩවලට අලෙවි කර ඇතැයි කියාද ?
එය ඇත්තක් නම් තත්වය සැබැවින්ම බරපතලය .මේ පිළිබදව වහාම සොයා බැලිම ආදාල රාජ්‍ය බලධාරිින්ගේ වගකිමය