මීගමු සා. මරියා විදුහල්පති ජයන්ත වික්‍රමසිංහ පියතුමාට විභාග දුෂණ වංචා චෝදනාවක් ?

0
495

Fr.Jayanthaඋසස් පෙළ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගය අවසන් වීමට පෙර එම ප්‍රශ්න පත්‍රය මීගමුව සාන්ත මරියා විදුහලේ විදුහල්පති ජයන්ත වික්‍රමසිංහ පියතුමාට ලැබීමේ සිද්ධියක් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම විභාග දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබ ඇතැයි යන්න අරුණ පුවත්පතේ අද  ප්‍රධාන සිරස්තලය බවට පත්ව තිබේ.
එහ වැඩිදුරටත් මෙසේද සඳහන්යඅුරුණ

විභාගය ඉකුත් 14 වැනිදා සවස 1.00ට ආරම්භ වී ඇති අතර ඉන් පැයකට පමණ පසු විදුහල්පති පියතුමා එම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් එම පාසලේ එම විෂය උගන්වන ගුරුවරයාගෙන් විමසා තිබේ. මෙම විමසීම කර ඇත්තේ විභාග මධ්‍යස්ථානය පැවති සාන්ත මරියා විදුහලේ විදුහල්පති කාර්යාලයේ සිටිමිනි. පියතුමා තම පාසලේ ගුරුවරයාගෙන් විමසූ ප්‍රශ්නය එදින ප්‍රශ්න පත්‍රයට ඇතුළත්ව තිබී ඇති අතර විභාගය අවසන් වීමට පෙර ප්‍රශ්න පත්‍රය විදුහල්පති පියතුමා අතට ලැබී ඇතැයි හෙළි වී ඇත්තේ ඒ අනුව ය.

මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවට දැන ගැනීමට ලැබී ඇති අතර ඊට දින දෙකකට පසුව එනම් පසුගිය සිකුරාදා (16 වැනිදා) පැවති එම විෂයයේ දෙවැනි කොටසට අදාළ විභාගය අවස්ථාවේ දෙපාර්තමේන්තුව විමර්ශන නිලධාරීන් පිරිසක් එම මධ්‍යස්ථානයට යවා තිබේ. එම අවස්ථාවේ දී ද පියතුමා කාර්යාලයේ රැඳී සිට ඇති අතර විමර්ශන නිලධාරීන් කළ සොයා බැලීමේ දී විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ද වෙනත් කාමරයක සිට ඇත. පළමු ප්‍රශ්න පත්‍රය පැවති දිනයේ පියතුමා මෙම විශ්වවිද්‍යාල ශිෂ්‍යයා සමග දුරකථනයෙන් සම්බන්ධ වී ඇති බව ද පැවසේ.

විභාගය දින ගුරුවරයාගෙන් පිළිතුරු ලබා ගෙන අයැදුම්කරුවකුට සන්නිවේදනය කිරීමේ උත්සාහයක් පැවතියේ ද යන්න පිළිබඳ විභාග දෙපාර්තමේන්තුවට දැඩි සැකයක් මතුව තිබේ.

විභාග මධ්‍යස්ථානවල සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා විදුහල්පතිවරුන්ට තමන්ගේ පාසල් පරිශ්‍රයට ඇතුළු වීමට විභාග දෙපාර්තමේන්තුව මෙවර අවසර දුන් අතර විදුහල්පති පියතුමාත් පාසල් පරිශ්‍රයට ඇතුළු වී ඇත්තේ ඒ අනුව ය. මෙම සිද්ධියත් සමග විදුහල්පති පියතුමාට පාසල් පරිශ්‍රයට ඇතුළු වීම විභාගය අවසන් වන තෙක් තහනම් කරනු ලැබ තිබේ.

පියතුමන් විසින් පිළිතුරු විමසූ එම පාසලේ ගුරුවරයාගෙන් මෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යාගෙන් ද මේ වන විට ප්‍රකාශ ලබා ගෙන ඇත.

එදින එම විභාග ශාලාවේ ඉතිරි ප්‍රශ්න පත්‍ර පිළිබඳව ද විමර්ශන නිලධාරීන් පරීක්ෂා කර ඇති අතර කිසිදු ප්‍රශ්න පත්‍රයක හිඟයක් ද තිබී නැත. ඒ අනුව ප්‍රශ්න පත්‍රය පියතුමන් අතට පත් වූයේ කෙසේද යන්න දෙපාර්තමේන්තුවට ද ප්‍රශ්නයක් වී තිබේ.

මේ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පැවැත්වූ බවත් වැඩි දුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරූ බවත් අප කළ විමසුමකට පිළිතුරු දුන් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසීය.Fr.Jayantha

කිතුණු පියතුමෙකුට තරම් නොවන හැසිරිමක් සිය ජිවන චර්යාව තුලින් නිරන්තරයෙන්ම ප්‍රසිද්ධියේම පෙන්වා දෙමින් සිටින ජයන්ත වික්‍රමසිංහ පියතුමා  කරතිබෙන්නේ කිතුනු විදුහල්පති සංහතියටම දැවැන්න කැලලකි.
මීගමුවේ පමණක් නොව ලංකාවේම කුප්‍රකට දේශපාලන පවුලක් වු ලංසා පවුලේ අතිශය කිට්ටු හිතේශිවන්තයෙකු ලෙසින් කටයුතු කරමින් සිටින ජයන්ත වික්‍රමසිංහ පියතුමා ලංසා පවුල ලවා මහජන දේපල අවභාවිතා කිරිමට පවා කටයුතු කරමින් සිටින බවට චෝදනා එල්ල වෙමින් තිබේ.
පාසැලකට නොව මිගමුවේම ජනයාට අයිති විය යුතු කාමච්චොඩේ ක්‍රිඩා පිට්ටනිය නගරාධිපති දයාන් ලංසා ලවා තම පාසැලට තවත් වසර 10 කට ලබාගැනිමට මෙන්ම එහි ස්ථිර ගොඩනැගිලි ඉදිකිරිමට කටයුතු කරමින් සිටින බවද සැලය.
දේශපාලකයන්ගේ සුරතලෙකු බවට පත්වෙමින් මිගමුවේ එදා සිටි ප්‍රගතිශිල පුජක පුරපුරටම ජයන්ත වික්‍රමසිංහ නම් වු මේ නළු පියතුමා එක් කර ඇත්තේ දැවැන්ත අවමානයකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here