මීටරයක පරතරය නොදන්නා ලාංකිකයන් හැමතැනම?

0
69

imagesබැංකුවට ගියා ATM එකෙන් මුදල් ගන්න. ඉදිරියෙන්ම මුදල් ගන්න ගිය කෙනාට මීටරයක් විතර ඈතින් හිටගත්ත. මට මොනව වෙන්න ඇත් ද. පස්සෙන් ආව පහක් විතර අර මීටරේ ඉඩ පුරවල හිටගත්ත. මං තවත් පහුවෙලා අන්තිමට සල්ලි අරන් ආව. (ලංකාවෙ කොයි පෝලිමත් එකයි. කොතනත් ඒ අවිනීත බව එහෙමයි)

මේ මූණු පොතේ කටමැත දොඩව දොඩව ඉන්නෙ නැතුව ඒ වගේ තැන්වල අවම “විනය” වත් රැකගන්න දායක වෙමු. ඒව දැනුවත් කරමු. මේ වගේ අශිලාචාර, විනයෙන් තොර ජාතියකට වෛරස බෝවීම විශාලයි. ඒක lockdown කරල බේරන්න බෑ. ඒ කලත් ඔහොම තමා.

මූණු පොතේ තියෙන දේවල් දැක්කම මේ මිනිස්සු හිතන දේවල් හිතන විදිය ගැන පුදුම කලකිරීමක් තියෙන්නෙ.

හැමෝම අරකයි මේකයි කතා නොකර අපි අපේ යුතුකම වගකීම මේ වෙනුවෙන් ඉටු කරන හැටි කතා කරමු.

බලන්න මේ වෙනකොට මේ ව්‍යසනය මෙතරම් දුර දිග ගිහින් තියෙන්නෙ අපේම අයගෙ විනයක් නැතිකම සහ දුර දිග නොබලා වැඩ කිරීම නිසා නොවේ ද?

අනික් අය හදන්න කලින් තනිව අපි හැදෙමු. ඒක තමයි හොඳම.

සුගත් සෝමවීර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here