මීටරේ නැති ජනතාව සහ PHI ලා ?

0
249

මිටරේ පරතරය දැන් ජනතාවට අමතක වෙමින් තිබේ. අරුමය වන්නේ ඒ් ගැන රටටම කියන PHI ලාටද එය අමතක වෙමින් තිබිමය.ඊයේ දිනයේ මිගමුව පෙරියමුල්ල එන්නතකරණ වැඩසටහන තුල මෙය ඉතා හොදින් දැකගන්නට ලැබුණි.
දේශපාලන වාසි ගැනිම සදහා ජංගම දුරකථනය කනේ රදවාගෙන මාධ්‍ය සංදර්ශන පැවැත්වු නියෝජ්‍ය නගරාධිපතිට කොහොමත් මිටරේ නැති බව අප අමතා මේ ගැන දැනුම් දුන් ප්‍රදේශවාසියෙකු කියා සි‌ටියේය.
මිගමුවේ එන්නතකරණ වැඩසටහන මුළුමනින්ම දේශපාලකයන්ගේ මාධ්‍ය සංදර්ශණයක් බවට පත්ව සෞඛ්‍යාණුකූල නිති රිති වලින් ගිලිහි යාමට බලපා ඇති ප්‍රධානතම හේතුව වි ඇත්තේ එය නිසි ලෙසින් කළමණාකරණය කිරිමේ වගකීම පැවරි ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා ගේ අකාර්යක්ෂමභාවයයි.