“මීපුර” කතෘට මීගමු නගර සභාවේදී මැර ප්‍රහාරයක්..

0
57

අද දින මීගමු නගර සභාවේ මහා සභා රැස්වීම පැවැත්වන දිනයයි. ඒ සදහා සහභාගී වීමට ගිය මීපුර පුවත්පතේ හා මීපුර වෙබ් අඩවියේ කතෘ, ෆ්‍රෙඩී ගමගේ මහතා එම රැස්වීම අවසන් වූ පසු තමන්ගේ මෝටර් රථය වෙත යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඔහුට පොල්ලකින් පහර දීමක් සිදුකර ඇත. පහරදීමෙන් අනතුරුව ඒ දෙදෙනා පලා ගොස් ඇති අතර ෆ්‍රෙඩී ගමගේ මහතාට එල්ල කල ප්‍රහාරය බරපතල නොවන අතර  ඔහුගේ ජීවිතයට හානියක් සිදුවීමට තිබූ අවස්ථාව මඟහැරී ඇති අතර  ප්‍රහාරයෙන් අනතුරුව මේ වන විට ඔහු  වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර යොමුවී සිටී.

මේ සිදුවීම පිලිබදව වැඩි දුර තොරතුරු ඉදිරියේදී ඔබ වෙත ගෙන එන්නෙමු.

meepura