මීපුර කර්තෘට පහරදිමේ කොන්ත්‍රාත්තුව දයාන් ලංසාගේ එකක් .දුරකථන දත්ත සටහන් සාක්ෂි කියයි ?

0
54

imageමීපුර  කර්තෘ  ප්‍රෙඩි ගමගේට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරිම සදහා කොන්ත්‍රාත්තුව ලබාදි ඇත්තේ මීගමුව නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා විසින් බව මේ වන විට ඉතා පැහැදිලි බව අප වෙත ඉතා විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ලැබි ඇත.
ගමගේට එල්ල වු ප්‍රහාරයේ ප්‍රධානියා වු තුෂාන් ක්‍රිෂ්මල් නැමැත්තා හා මීගමුව නියෝජ්‍ය නගරාධිපතිවරයා අතර ප්‍රහාර සිදුවු උදේ වරුවේ සිට සවස් වරුව දක්වා සිදුව ඇතැයි කියන දුරකථන කථා බහ පිළිබදව දත්ත සටහන් මේ වන විට පොලිසිය සතුව ඇති බව මීගමුව එජාප ආසන සංවිධායක රොයිස් විජිත මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ අනුව මේ ප්‍රහාරයේ සැලසුම් කරුවා කව්ද යන්න දැන් පොලිසිය විසින් ස්ථිර ලෙසින්ම දැනගෙන හමාර බවය.