මීපුර කර්තෘට පහරදීම සැලසුම් කළ පුද්ගලයා සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය අදත් නිහඩයි ?

0
164

මීපුර වෙබ් අඩවියේ කර්තෘ ප්‍රෙඩී ගමගේ මහතාට   2016 ජුනි 02 වන දින මීගමුව නගර සභා භූමියේ්දී   සිදුකළ පහරදීම  සම්බන්ධයෙන් නඩු  විභාගය අද  (28)  මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී   ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඉදිරියේදී විභාගයට ගන්නා ලදී.IMG_1290
2016 ජුනි 02 වනදා සිදුකරන ලද මෙම මැර ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරුවා අත්අඩංගුවට ගැනීම පොලිසිය විසින් දිගින් දිගටම ප්‍රමාදකිරීමේ නිසා මෙම නඩුව මෙතෙක් කල්මැරිම පිළිබදව පැමිණිල්ලේ නීතිඥවරුන් විසින් අද අධිකරනයේදී චෝදනා ලදී.
පරීක්ෂණ කටයුතු සදහා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස්  ලබාගැනීම සදහා මහේස්ත්‍රාත්වරයා  විසින් 2016 නොවැම්බර් 29 වනදා කරන  ලද නියෝගය සම්බන්ධයෙන් පෑලියගොඩ  කොට්ඨාශයේ පොලිස් නිලධාරීයෙකු විසින් අද අධිකරණයට කරුණු දක්වා සිටි අතර නියෝගය ලබාදුන් දිනයේ සිට අද දක්වා කිිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා  පොලීසියෙන් වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේය. මෙහිදි පිළිතුරු දෙමින් පොලිසිය කියා සිටියේය මෙය දැනටමත් නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවය.
එහෙත් මහේස්ත්‍රාත්වරයා විසින් නිතිපති දෙපාර්තමේන්තුවට කරන ලද යොමුකිරීම සම්බන්ධයෙන් යොමු අංකය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියද එසේ කිරිමට  පොලීසිය අසමත් විය.
ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් මෙම පහරදීමට සම්බන්ධ ප්‍රධාන  සැකකරුවෙක් වන හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාව පිළිබදව ගරු අධිකරණය හමුවෙ පොලිසියේ ස්ථාවරය ප්‍රකාශ කිරිම සදහා වන අවසන් දිනය ලෙස මීලග නඩු වාරය නම් කරමින් අප්‍රෙල් මස 25 වනදා කැදවීමට නියෝග කරන ලදි.
පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ දන්ත නිරංජන සහ නිතිඥ චාමර ජයසුරිය පෙනි සිටින ලදි.