මීපුර හෙළිදරව්ව නිවරදියි.ජනතා ඇසටත් වැලි ගසා කුණු ව්‍යාපෘතිය කොච්චිකඩේට…

0
201

කුණු කසල කළමණාකරනය අද බරපතල ගැටළුවකි.මේ නිසාම ඒ සඳහා විධිමත් වැඩපිලිවෙලක් නිර්මාණය කළයුතුව ඇත..එමෙන්ම එය වඩාත් විනිවිදභාවයක් සහිතව ජනතාව මෙන්ම ජනතා නියෝජිතයන්ද සමඟින් සකච්ජා කොට සකස්කල යුතු එකකි.

එහෙත් මිගමුව නාගරික කොමසාරිස්වරිය සිය දේශපාලන හාම්පුතා වන දයාන් ලංසා වෙනුවෙන් අඩුම තරමින් කොච්චිකඩේ නාගරික කොට්ඨාසයේ ජනතා නියෝජිතයාටත් වසංගමින් මෙම ගොඩනැගිල්ල හොර රහසේම කොච්චිකඩේ පොරේකේ වත්ත ප්‍රදේශයේ ඉදිකරමින් තිබේ.

කවදත් ජනතාවට ඇත්තම පමණක් කියන මීපුර වෙබ් අඩවිය හොර රහසේම සිදුකරමින් තිබුන මෙම ඉදිකිරිම කුණු ව්‍යාපෘතියකට යැයි කියමින් හෙළිදරව්ව කර සිටිෙය් මිට මාස කිපයකටඉහතදිය.
එමෙන්මඑය කුට්ටිදූව ජනයා විසින් විරෝධය පළකරමින් ගමෙන් එලවා දැමු කුණු ව්‍යාපෘතිය බවද හෙළිදරව් කර සිටියෙමු.අප එසේ හෙළි කර තිබියදි පාවා ඇතැම් ජනතා නියෝජිතයන් මිගමුව නාගරික කොමසාරිස්වරියගෙන් මේ ගැන විමසා සිටියදි ඇය කියා තිබුනේ කොච්චිකඩේ පොරේකවත්තේ ඉදිකරන්නේ රථවාහන අංගනයක් බවය.
සිය හාම්පුතා වෙනුවෙන් මේ තරම් බොරු කියන ලංකාවේ එකම පරිපාලන නිලධාරිණිය ඇය විය හැක.
මේ අනුව නාගරික කොමසාරිස්වරියගේ ජනතාවටත් ජනතා නියෝජිතයන්ට බොරු කියු එහෙත් අප විසින් කළ ඇතිවම හෙළිදරව් කර සිටි කුණු ව්‍යාපෘතිය අද මහසභා රැස්විමට යෝජනාවක් ලෙසින් නගරාධිපති විසින් ඉදිරිපත් කර ඇත.
කොමසාරිස්වරියගේ බොරු අසා සිටි නාගරික මන්ත්‍රිවරුන්ට ඇයට ප්‍රතිචාර දක්වන අන්දම ගැන අප අවදියෙන් යුතුව බලා සිටිමු.


අප පෙබරවාරි 25 වෙනිදා කළ හෙළිදරව්ව .