මීපුර හෙළිදරව්ව පළදරයි ! කච්චේරිය අසල පදික වෙළදාම නවතියි !

0
53

පදිකවේදිකාමීගමුව   කච්චේරිය  අසල  පදික වේදිකාවේ  මෙතෙක්  කල්  කරගෙනගිය සපත්තු අද වන වටි  වෙළදාම   නතරකර ඇත.
සෙරෙප්පු  සහ  සපත්තු  වැනිදෑ විකුණමින්  සිටි   මෙම  වෙළඳුන්   නිසා  මාර්ග  තදබදයක්  ඇතිව තිබිණි.
මීපුර වෙබ් අඩවියට   මේ පිළිබඳාව  නිතර  ප්‍රදේශවාසීන්ගෙන්  දුරකථන  ඇමතුම්  ලැබුණු   අතර  අප විසින් අවස්තා කීපයකදීම මේ පිළිබඳා පුවත්  පළකරන ලදීග එසේම   මීගමුව  මහනගරසභාවේ   කොමසාරිස්වරයාගෙන් ද මේ සම්බන්ධයෙන්  විමසා බැලීම්  කළ  නමුත්  මාස 3ක පමණ කාලයක සිට පිළිතුරක්  නොලැබිණි.
මීගමුව  පොලීසියේ   රථවාහන  අංශයේ  ස්ථානාධිපති   සහ  මාර්ග සංවර්ධන  අධිකාරියේ   මැදිහත්වීමෙන්   මෙම අනවසර  වෙළදාම  නතර  කිරීමට  හැකිවී ඇතග   ජනතාව  වෙනුවෙන්  අපි  ඔවුන්ට  ස්තුති පූර්වකවෙමු.
එහෙත් තවදුරටත් මෙහි නොවිසදුන ප්‍රශ්ණයක් තිබේ.
මෙසේ පදිකයන්ට හිමි කොටසේ වෙළදාම අවසර දුන් මහනගර සභාවේ ලොක්කා කව්ද යනුවෙනි.
දැන් මීපුර අපගේ ඊළග අරමුණ වන්නේ මේ ලොක්කා කව්දැයි මිගමුවේ බදුගෙවන ජනයා හට හෙළිකර සිටිමයි.

පදික වේදිකාවේ වෙළදාම
පදික වේදිකාවේ වෙළදාම