මීපුර හෙළිදරව්ව පළදරයි ! ග්‍රැන්ඩිසා හෝටලයේ නීතිවිරෝධි ඉදිකිරිම් කඩා ඉවත්කරයි ?

0
54

grandiza-laggon-filling-කුරණ පිහිටි ග්‍රැන්ඩිසා හෝටලය විසින් රු කෝටි ගණනක් වියදම් කරමින් ඉදිකරන්නට යෙදුන හෝටලයේ කොටස් කිපයක් කඩාඉවත්කර දමා ඇතැයි වාර්ථා වේ.
මෙසේ ඉවත් කර ඇතැයි පැවසෙන්නේ මීගමුවේ කලපුවේ ඉදිකරන්නට යෙදුන දැවැන්ත කුළුන කීපයකි.
මේ හෝටලයේ හිමිකරුවන්ගේ සැලැස්ම වන්නට ඇත්තේ කලපුව මත ඉදිකළ දැවැන්ත කුළුණ මත  හෝටලයේ තවත් කොටසක් ඉදිකරන්නටය.
එමෙන්ම නිතිවිරෝධි පිහිනුම් තටාකයක්ද වන බව  සැලය.
මේ නීතිවිරෝධි ඉදිකිරිම් ගැන දිගින් දිගට ඡායාරූපද පලකරමින් සිදුකරන්නට යෙදුන හෙළිකිරිම් හමුවේ මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දුන් නියෝගයන් අනුව යමින් මේ සියළු ඉදිකිරිම් මෙ වන විට කඩාඉවත්කර දමා ඇතැයි වාර්ථා වේ.
එමෙන්ම කලපු ඉවුර මිටර් 10 ක සිමාවක් දක්වා කඩොලාන සිටුවා නැවත පිළිසකර කරන්නටද මේ පාලකයන්ට දැන් සිදුව ඇත.