මී.න.ස දෙවර්ෂ පුර්ණය කාගේදැයි මන්ත්‍රිවරුන් ප්‍රශ්ණ කරති.

0
51

NMC 7මීගමුව මහනගර සභාව දේශපාලන අධිකාරියේ දෙවර්ෂ පුර්ණ සැමරුම්  උත්සවය කාගේදැයි ඇතැම් මන්ත්‍රිවරුන් ප්‍රශ්ණ කරති.
මේ සදහා තමන් කිසිසේත් සම්බන්ධ නැති බව මීපුර අමතා කථා කළ නාගරික මන්ත්‍රිවරයෙකු පවසා සිටියේය.
මෙම උත්සවය සංවිධානය කරනු ලබන ආකාරය පිළිබදව කිසිදු අදහස් විමසිමක් මන්ත්‍රිවරුන්ගෙන් විමසන්නේ නැතිව මුළු මීගමුව පීරා මුදල් එකතු කර ඊයේ සිදුකළ මේ සැමරුම පිළිබදව සිය සම්පුර්ණ  විරෝධය පළ කරන බවද මෙහි සියළු වියදම් පිළිබදව මහනගර සභාව දැනුවත් කළ යුතුයැයි ඔහු වැඩිදුරටත් පවසා සිිටියේය.
දැනටමත් වාර්ථා වන පරිදි මීගමුවේ හෝටල් වලින් මෙන්ම රක්ෂණ සමාගම්වලින් විශාල මුදල් ප්‍රමාණයක් ප්‍රසන්න සහ ඉරන්ද යන අය විසින් එකතු කරඇති බවද වාර්ථා වේ.එමෙන්ම මෙහිදි සිදුකරන ලද ප්‍රජා සත්කාරක කටයුතු සදහා නගර සභාවේ මුදල් යොදාගෙන ඇතැයි වාර්ථා වේ.
විශේෂයෙන්ම ගිය වසරේ සැමරුම වෙනුවෙන් පුර්ණ අනුග්‍රහය දැක්වු ගුරුගේ නම් ව්‍යාපාරිකයා මෙවරද රුපියල්  ලක්ෂයක් මේ සදහා ලබාදි ඇතැයි ආරංචි බවද අපට කරුණු දැක්වු මන්ත්‍රිවරයා පවසා සිටියේය.නිමල් ලංසා මහතා පළාත් සභා ඇමතිධුරයට පත්ව වසර 3 ක් ගෙවිම සහ නව නගර සභා පාලනයට වසරක් පිරිම නිමිති කරගෙන දැවැන්ත ප්‍රසංගයක් නගර සභා භුමියේ ගිය වසරේද සංවිධානය කර තිබුණි.
එහෙත් ඒ උත්සවයටද නගාරික මන්ත්‍රි මණ්ඩලයේ සහභාගිත්වයක් තිබුනේ නැති බව අප විසින් කළ විමසුමකට පිළිතුරු දුන් එජාප නාගරික මන්ත්‍රිවරයෙක් පවසා සිටියේය.

ගුරුගේ විසින් පසුගිය වසරේ පුර්ණ අනුග්‍රහය දැක්වු ප්‍රසංගයේ ප්‍රචාරක පුවරුවක්
ගුරුගේ විසින් පසුගිය වසරේ පුර්ණ අනුග්‍රහය දැක්වු ප්‍රසංගයේ ප්‍රචාරක පුවරුවක්