මුඛ ආවරණ නොපැළදු 10 700 ක් බස්නාහිර වැටලිමකදි කොටුවේ ? SPA 5 ක් වටලා 17 ක් අත්අඩංගුවට ?

0
91

laughingtoonfacea

පසුගිය දිනවල සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් දේශපාලකයන් ජනතාව අනතුරේ හෙළිමින් මැතිවරණ ප්‍රචාරක වැඩකටයුුතු නියැලෙමින් සිටි පසුබිමක හදිස්සියේ මතුව ආ කොරෝනා රැල්ල හමුවේ පොලිසිය දැන් වැටලිම් අරභා තිබේ.
ඊයේ (15) අලුයම 6 සිට අද (16) අලුයම 5 දක්වා කාලය තුළ බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීම්වල දී මුඛ ආවරණ නොපැළදි පුද්ගලයින් 10,700 දෙනෙක් හමු වී තිබේ.

මේ අතර බස්නාහිර පළාත තුළ සෞඛ්‍ය උපදෙස් පිළිනොපැඳ නීති විරෝධි ලෙස පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන 05ක් වටලා එහිදි සැකකාරියන් 14 ක් හා සැකකරුවන් 02 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වෙතත් තවදුරටත් දේශපාලකයන් ජනතාව අනතුරේ හෙළමින් කරගෙන යන අවදානම් සහගත මැතිවරණ කටයුතු ගැන පොලිසිය දැඩි විමසිල්ලකින් කටයුතු කළ යුතුව තිබුණද එය එසේ නොවන බව තවදුරටත් යථාර්ථයක්ව පවති.