මුඛ ආවරණ පිළිබදව රජයේ දෙබිඩි පිළිවෙත මාරාන්තික වැරැද්දක් ?

0
102

disposable-face-mask-ear-loop-250x250මුඛ ආවරණ පිලිබදව රජයට තිබුනේ සැබැවින්ම දෙබිඩි පිළිවෙතකි. මේ ගැන අපේ මතකය දිවයන්නේ චින කාත්තාවක් කොරෝනා වැළදුන සමය දක්වාය.ඒ දිනවල අංගොඩ රෝහලේ වෛද්‍ය ප්‍රධානියා පවා කියා තිබුනේ තමන් පවා මුඛ ආවරණ පළදින්නේ නැති බවය.
ඉන්පසුව සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්ගේ සිට තවත් සෞඛ්‍ය  ක්ෂේත්‍රයේ ප්‍රධානින් කිප දෙනකුම මුඛ ආවරණ අනවශ්‍ය බව කිවා පමණක් නොව ඇතැම් විට අනතුරුදායක විය හැකි බව ඇතැමුන් කිවේය.
මේ අතර පොලිසිය ක්‍රියාකලේ වෙනස්ම නීතියකටය. වරක් මුඛ ආවරණ නොපැළද බඩු ගන්න පෝලිමක සිටි අයෙකුව පෝලිමකින් එලවා දැමු සිදුවිමක් මාධ්‍ය වාර්තා කොට තිබුණි.
මේ අතර ඉතාලියේ පවා මුල් කාලයේදි මුඛ ආවරණ පැලදිම අනිවාර්ය නොවු අතර ඉතාලි ජාතිකයන් කිසිදු පරිස්සමක් මේ නිසාම තිබුනේද නැත.එහෙත් අද වන විට මුඛ ආවරණ පැළදිම අනිවාර්ය කොට ඇති අතර එසේ නොවන්නේ නම් දඩද නියම කොට තිබේ.
මේ අතර පසුගිය දිනක මාධ්‍ය වාර්තා කොට තිබුනේ එක්තරා ආසාදිතයෙකු මුලු කාලය පුරාම මුඛ ආවරණ පැළද සිටිම නිසා ඔහුගෙන් වෛරසය අනෙක් අය අතරට යාම බෙහෙවින්ම සිමාවි තිබුණ බවය.
දැන් ලංකාවට යළිත් මුඛ ආවරණ පැළදිම අනිවාර්ය යැයි යලිත් කියා ඇත්තේ පොලිසියයි.
මේ ගැන දැන් සෞඛ්‍ය ලොක්කන් කියන්නේ කුමක්ද ?
කෙසේ වෙතත් මුඛ ආවරණ පිලිබදව නිවරදි මගපෙන්විමක් ජනයා හමුවේ තබන්නට බැරිවිම මාරාන්තික වරදක් නොවේදැයි දැන් අපට අසන්නට සිදුව තිබේ.