මුදල්කාරක සභාවේ ඇත්ත බලය විපක්ෂයටද?ඇමති නිමල් ලංසාටද?

0
91

1503400_752313538187732_5722240034482040530_n

මීගමුවේ විපක්ෂ ක්‍රියාධරයෙකු අප අමතා ඊයේ කියා සිටියේ තම පක්ෂය විසින් මීගමුව මහනගර සභාෙව් 2015 වසර සදහා මුදල් කාරක සභාවේ බලය අල්ලා ඇති බවය.
එහෙත් ඇත්තටම එහි දැනට ඇති සංයුතිය ගැන විමර්ශණාත්මක විග්‍රහයක යෙදෙන්නේ නම් 2015 වසර සදහා මහනගර සභාවේ සියළු කාරක සභාවන් සදහා මන්ත්‍රිවරුන් පත්ව ඇත්තේ ඉතා සියුම් ලෙසින් සැලැසුම්කරන ලද ක්‍රමන්ත්‍රණයකට අනුව බව පෙනි යයි.ඒ සදහා විපක්ෂයේ ඇතැම් මන්ත්‍රින්ගෙන්ද සහය ලබාගෙන ඇති බව පෙනේ.
කෙසේ වෙතත් මුදල් කාරක සභාවේ විපක්ෂය  නියෝජනය කරමින් ඇති මන්ත්‍රින් තිදෙනාගෙන් දෙදෙනෙකුම ඇමති ලංසාගේ හිතා කිට්ටු වන්තයන්ය.ඇතමෙක් ඒ අයට කියන්නේ ලංසා යූඇන්පි කියාය.එනම් රවි ජිවාන්ද සහ හිටපු මුදල් කාරක සභා නියෝජිත නස්මියාර්ය.
ආණ්ඩු පක්ෂයෙන් සිටින්නේ ඇමති ලංසාගේ සහෝදරයා වන දායන් ලංසා සහ කිසිවක් ගැන බරපතලක් නොදැන ඔහේ වහසි බස් පමණක් දොඩවන සේපාල මොරවක නම් මන්ත්‍රිවරයාය.ඒ අනුව ඇමති ලංසා දැනටමත් මුදල් කාරක සභාවේ බලය පහසුවෙන්ම සියතට ගෙන ඇත.
මේනිසා ඇමති ලංසා විරසකව සිටින නගරාධිපති ඇන්ටන් ජයවීර දැන ඇමති ලංසාගේ බල වලල්ලේ සිරකරුවෙකු කර හමාරය.
එහි ජේෂ්ඨ මන්ත්‍රිවරයෙකු වු කපිල නන්සුලෝචන මහතා හා එජාප මන්ත්‍රි ගිහාන් ප්‍රනාන්දු අතර පවතින සදාතන දේශපාලන ගැටුමද උපයෝගි කරගනිමින් ගිහාන් ඇතුළට ගෙන කපිල මන්ත්‍රිවරයාව එළියේ තැබිමට ගත් පියවර දැන් සාර්ථක වි ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here