මුදලිඳු මෙන්ඩිස් මාවතේ ගැටළුව මීගමුව පොලීසියේ අවධානයට

0
99

bike issue 2පසුගිය  28 වනදා  වනදා සෙත්සරණ   සංවිධානය  විසින් තම්මිට  කාදිනල් කුරේ  මධ්‍යස්ථානයේ දී   ආගමික  සහජීවනය  සඳහාවූ   වැඩසටහන ක් පවත්වන ලදී.  මෙහිදී  ජනතා  ප්‍රශ්ණ  කිහිපයක්  සාකච්ඡාවට  ගැනින. මීගමුව  මුදලිඳු  මෙන්ඩිස්  මාවතේ අනවසර  රථගාල  පිලිබඳව  අද  පැවති  මාධ්‍ය  සාකච්ඡාවකදී   මීගමුව  මූලස්ථාන  පොලිස්  පරීක්ෂක  උදය කුමාර වුඩ්ලර්  මහතාගේ  අවධානයට  යොමු කිරී‍මේ  ඉඩකඩක්  ලැබින.
යම්  පියවරක්  ගැනීමේදී  එය  සාධාරණ  විය යුතු බවත්  දඩ  ගැසීම  ආදියට  තමන්  කැමැත්තක්  නැති බවත්,  පුද්ගලිකව මෙහි  මානුෂික  තත්වය  මත  දඩයක්  ගැසීමට  නොහැකි වුවත් විසඳා  ගතයුතු  ප්‍රශ්ණයක්  වන  බැවින්  මේ  පිළිබඳව  මීගමු  පොලීසිය  දැනුවත්  කර  යම්  විසඳුමකට  පැමිණෙන  බවට   ස්ථානාධිපතිවරයා   පොරොන්දුවක්  දෙන ලදී. එක පැත්තකින්  රෝගීන්  බැලීමට  එන  පුද්ගලයාට  සාධාරණ  හේතුවක්  දක්වමින්  පොලීසියට  පිළිතුරු දීමේ  හැකියාවක්  ඇති  බවත්,  ඒ සඳහා  පියවරක්  ගැනීමේදී  නීතිය  ක්‍රියාත්මක  කරන්නට  යන  පොලිස්  නිලධාරියා  දෙස  මිනිස්සු  බලන්නේ  වෛරී  සහගත  ලෙස  බවත් ,මෙහිදී  දඩයක්  ගැසීමට  නොහැකිවනසේ   ඔවුන්  පෙරලා  නගන  ප්‍රශ්ණයේ  මානුෂික  ස්වභාවය  බලපාන  බවත්  ඔහු  තවදුරටත්  පෙන්වා  දෙන ලදී.  මෙහිදී   ප්‍රශ්ණය  වන්නේ  වාහන  නතර කිරීම  තහනම්  යනුවෙන්  යොදා ඇති  නාම පුවරු  තිබියදී   ඒවා  නොතකා  ක්‍රියාකිරීමේ  හැකියාවක්  තිබීමයි.  කුඩා  ස්ටිකරයක්   මෙම  තාප්පවල  සවිකර  ඇත්තේ  බැරිමතැන  විය හැකිය.