අනවසර රථ ගාල් වාහන සොරුන්ට ලයිසන් දීමකි

0
64

????????????????????????????????????

(3.29pm) මීගමුව රෝහල අසල ඇති මුදලිඳු  මෙන්ඩිස්  මාවත  රථගාලක්  නොවේ. මෙම  පාරේ එක්  පැත්තක   තැනින්  තැන  පොලීසිය  විසින්   වාහන  නතර  කිරීම  තහනම්  යන  සංකේතය  සඳහන්   දැන්වීම් පුවරු  තබා ඇත.  නමුත්  පාපැදි,   යතුරුපැදි,  ත්‍රීවීල්,  වෑන් රථ,  කාර්,  අදී  සියළු  වාහන   මෙහි   නවතා  තිබෙනු  දැකිය හැක.  මේ  නිසා  ‍වාහන  හොරුන්ට  කදිම  අවස්ථාවක්  , ඉඩකඩක්   මේ  මගින්   ලැබී ඇතිබව   පෙනේ.

වාහන  නැවතීමෙන්  සිදුවන  තදබදය   මෙන්ම  මහජනතාව මුහුණ දෙන තවත් හිරිහැරයක් වන්නේ   නවතා තබන වාහන සොරකම් කිරීමයි.    මේ පිළිබඳව   මීගමුව  පොලීසියේ  අපරාධ  අංශයේ  ස්ථානාධිපති  ආනන්ද   හේරත්  මහතා ගෙන්  විමසීමේදී ඔහු  අවධාරණය  කළේ
වාහන නවතා තැබීමට රථ ගාල් තිබියදී රු. 20/ක් දී  රථගාලේ  නොතැබීමෙන්  තමන්ගේ වටිනා  වාහනය  අහිමි   කරගැනීමට  තරම්  මිනිස්සු  මෝඩ  ලෙස  කටයුතු   කරන  බවයි.

කෙසේ  නමුත් මුදලිඳු  මෙන්ඩිස්  මාවත  රථ ගාල් කිරීමට   තහනම්  ස්ථානයක්  වීමත් ඒ නිසාම සොරකම් සිදුවීමත්  යන  කරුණු  නොසළකා  මෙම ස්ථානයේ  වාහන  නවතා  තබන්නේ නම්  පුරවැසියෙකු  ලෙස  එය  හිතාමතාම  කළ  වැරැද්දක්  සේම  නීතිය  කඩකිරීමක්ද  වනු ඇති  බව ඔහු පවසන ලදී.