මුලතිව් ඉඩම් අයිතිය වෙනුවෙන් මීගමුවේ උද්ඝෝෂණයක්

0
152

poest NGB 2protest NGB 4ගුවන් හමුදාව විසින් අත්පත් කරගෙන සිටින පාරම්පරික ඉඩම් වල අයිතිය ඉල්ලා මුලතිව් දිස්ත්‍රික්කයේ පිලව්කුඩියිරුප්පු ජනතාව දියත් කළ සත්‍යග්‍රහයට දින නමයක් ගතවීත් විසඳීමක් ලබා නොදීම සම්බන්ධයෙන් රජයට විරෝධය පල කෙරෙන උද්ඝෝෂණයක් මීගමුවේ පවත්වා තිබේ.

මීගමුව බස් පර්යන්තය ඉදිරිපිට පැවති උද්ඝෝෂණය සංවිධානය කර තිබුනේ ප්‍රජා අභිලාෂ ජාලය විසිනි.protest NGB1

පවුල් 84කට අයත් අක්කර 20ක භුමිය පොරොන්දු ප්‍රකාර බාර දෙන ලද ලෙස ඉල්ලා ජනවාරි 31 දා දියත් කෙරුනු සත්‍යග්‍රහය අත් හරින ලෙස කරෙයිතුරෙයිපත්තු දිසාපති සහ පොලිසිය විසින් කරන ලද ඉල්ලීම ඉඩම් අහිමි වුවන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේ යෝජනාවක් ගෙන එමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් රජයට බලකර සිටියේ ජනතාවගේ පාරම්පරික ගම්බිම් වහාම නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසයි.

ඉඩම් ආපසු දෙන බවට ජනාධිපතිවරයා ලිඛිත පොරොන්දුවක් දී ඇති බවද මන්ත්‍රීවරයා සිහිපත් කර දී තිබේ.

හත් අවුරුද්දක් තිස්සේ වාඩිලාගෙන සිටි ඉඩම් නිදහස් කළ බවට රජයෙන් ලද නිවේදනය පරිදි ගිය අවස්ථාවේ පදිංචියට ඉඩ නොදුන් යුද හමුදාව වෙනුවෙන් එහි ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න දින නමයකට පසු පවසා ඇත්තේ අයිතිකරුවන් විසින් හඳුනා ගනු ලැබුවොත් ඉඩම් ආපසු ලබා දිය හැකි බවයි.

www.gagana.com/pics- M.Z shahajan

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here