යුද්ධය අවසන්ව දැන් වසර15 කි.මැයි 18වෙනිදා මුල්ලිවයිකාල් සැමරුම යනු යුද්ධයෙන් මිය ගිය සිය අදරැතියන් සමරන සතිය බවට පත්ව තිබේ.
එය මුල්කොට උතුරු නැගෙනහිර පසුගිය 11 වනදා සිට මුල්ලිවයිකාල් කංජි දන්සැල් පැවැත්විම සිදුකෙරේ.
වල්ලිපුනම් හි අද (17) තවත් අරුත් බර වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

ඒ කවි රචනා සහ කවි ගායනා තරගයකි.එහි සංවිධායකින් පවසා සිටින්නේ මේ සදහා උතුරේ දිස්ත්‍රික්ක 4කින් තරඟකරුවන් 46 සහභාගිව සිටිනබවය.
යුද්ධයෙන් කටුක ලෙස බැට කෑ තරුණ නිර්මාණකරුවන් රැසක් සිය නිර්මාණ ඉදිරිපත් කරතිබේ.




නිදහස වෙනුවෙන් විවිධ කැපකිරිම් කළ ජනතාවගේ මතකය පරම්පරා අතරට ගෙනයාම මෙහි අරමුණ වි තිබේ.
අද ඉදිරිපත්ව ඇති නිර්මාණ පසුව කවි පොතක් ලෙසින් එළිදැක්විමට නියමිතය.