මුස්ලිම් කඩවලට පහරදුන් කාවින්ද⁣ගේ ආධාරකරුවෙකු බන්ධනාගාරයට!

0
44

arrested-person-1කාමච්චෝඩේ ප්‍රදේශයේ මුස්ලම් ව්‍යපාරිකයන් දෙදෙනකුගේ කඩවලට  සහ වාහන වලට පහර දි තර්ජනය කළ මිගමුව එජාප සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ ප්‍රබල අධාරකරුවෙකු ලබන 7වෙනිදා දක්වා බන්ධනාගාරගත කෙරේ.මුස්ලිම් අයට මීගමුවේ කඩකරන්නට දෙන්නේ නෑ යනුවෙන් අදාල පුද්ගලයා මුස්ලිම් ව්‍යාපාරිකයන් හට තර්ජන කොට ඇතැයි වාර්තාවේ.
මෙසේ බන්ධනාගාරගත කර ඇත්තේ කාමච්චෝඩේ පදිංචිකරුවෙකු වන වර්ණකුලසුරියගේ ලාල් නොහොත් මහතුන් යන අයෙකු වන අතර ඔහු වත්මන් මිගමු එජාප සංවිධායකවරයාගේ ප්‍රබල අධාරකරුවෙකි.