මුස්ලිම් කඩ වහන්න කියල තර්ජනය කළ මැර කල්ලියට එරෙහිව කටාන පොලිසිය නිහඬද ?

0
113

Screenshot_20190721_145346_com.whatsapp රටේ නිතිය හා සාමය රැකිමේ වගකිම පොලිසිය සතුය. එය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් පමණක් රටක හෝ ගමක පුරවැසියන් හට නීතියේ රැකවරණය ලැබෙනු ඇත.
එසේ නොවන්නේ නම් විවිධ මැර කණ්ඩායම් නීතිය අතට ගෙන පුරවැසියන් හට විවිධ හිරිහැරකම් කරුණු ඇත.
පාස්කු ඉරුදින ප්‍රහාරයත් සමගින් මිගමුව හා අවට ඇතිවු තත්වයන් හමුවේ මැර කණ්ඩායමක් ලෙසින් හැසිරෙන පිරිසකගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතැම් මුස්ලිම් ව්‍යාපාරිකයන් අවස්ථාව කිපයකදි විවිධ පිඩනයන් වලට ලක්ව තිබුණි.
මේ එක් අවස්ථාවකදි මේ ව්‍යාපාරිකයන් හට පහර දි කඩවලට අලාභා හානි සිදුකර තිබුණ අතර මේ මැර කණ්ඩායම පැමිණි යතුරු පැදි අංකද ඒ වන විට කටාන පොලිසිය වෙත ලබා දි තිබුණි.මේ සම්බන්ධයෙන් අප පසුගිය අප්‍රෙල් මාසයේදි  කටාන පොලිසියේ ස්ථානාධිපතිතුමන්ගෙන් කරන ලද විමසුමකට පිළිතුරු දෙමින් ඔහු කියා තිබුනේ ආදල යතුරු පැදිය වල හිමිකරුවන් ගැන තොරතුරු ලබාගැනිම සදහා මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලිමක් කර අති බවය.
ඒ සම්බන්ධයෙන් නීතිය නිසි ලෙසින් ක්‍රියාත්මක තිබුනේද යන්න තවමත් අපැහැදිලිය.
කෙසේ වෙතත් යළිත් වරක් ජුලි 20 වනදා මිගමුව ඩීන් හංදියේ සිට වයි හංදිය දක්වා ඇති මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ කඩ වසා දැමිය යුතු බවට වන නියෝගයක් කිසියම් නාදුනන කණ්ඩායමක් විසින් සිදුකර තිබුණි . සැබැවින්ම කව්රුන් හෝ මෙසේ බය නැතිව පැමිණ එවන් නියෝග දෙනු ලබන්නේ නම් එය බරපතල තත්වයකි. එමෙන්ම ඒ ප්‍රදේශයේ නිතිය අතට ගෙන කටයුතු කිරිමකි.එපමණක නොව කිසියම් ආගමික කණ්ඩායමක විශ්වාසයන්ට ඉතාමත් නිහින ලෙස ප්‍රතිචාර දක්වමින් ඌරු ඔලු  මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයන් ඉදිරි පිට තබන්නට තරම් මේ මැර කණ්ඩායම් ක්‍රියාත්මක වි තිබේ. ඒවා ඉතා පැහැදිලිව CCTV කැමරාවන් හි තිබිය යුතුය.
මෙය සැබැවින්ම කටාන පොසිසිය බරපතල ලෙසින් අවධානය යොමුකළ යුතුව තිබේ.