මුහුණේ ගාන ක්‍රීම් අැඟේ ගාන්නත් හොඳයිද?

0
458

cream

ඔබේ සුන්දර සිරුර වඩාත් පැහැපත් කරගන්නා අන්දම ගැන කථා කිරීමේදී ඒ සදහා භාවිතා කරන ආලේපන ගැනත් කථා නොනකර සිටින්නට බැහැ. තම රුවසම්පත ලස්සන කර ගන්න,ආක්ර්ෂණීය කැගන්න උනන්දු වන තරුණියන් වැඩි දෙනෙක් ආලේපන වර්ග භාවිතයට වැඩි නැඹුරුතාවයක් දක්වනවා. ආලේපන වර්ග පිලිබදව වැඩි දෙනා දක්වන මෙම උනන්දුව නිසාම අද වෙළඳපොලේ විවිධ වර්ගයේ ආලේපන වර්ග දක්නට ලැබෙනවා. මෙහිදී යුවතියන් හා කාන්තාවන් ආලේපන වර්ග තෝරා ගන්නේ තම සමෙහි පැහැපත් බවක් සහ ආක්ර්ෂනෟීය බවක් ඇති කර ගන්නයි.

අද බොහෝ දෙනා වෙලඳ දැන්වීම් දුටු පමණින්ම විවිධ ආලේපන වර්ග භාවිතා කිරීමට නැඹුරු වන අතර එය තමන්ට හිමිව ඇති සමේ ස්වභාවය අනුව තෝරා ගැනීමට නැඹුරුතාවයක් දක්වන්නේ ඉතාමත් අඩුවෙන්. එසේ හිතුමතේ ආලේපන ගැල්වීමෙන් සමට කිසිදු ප්‍රෙයා්ජනයක් ඇති වන්නේ නැහැ. සමට ගැලපෙන ආලේපන වර්ග තෝරා නොගැනීමෙන් හෝ සම ගැන නොසලකා සිටීමෙන් ඇතිවන අහිතකර බලපෑම් වන්නේ සමේ කුරුලේ ආසාදන ඇතිවීම හෝ සම අධික ලෙස වියලීම හෝ රැලි වැටීමයි.

මුහුණ සමට වඩා රළු ස්වභාවයක් ගන්නා බැවින් මුහුණට ගල්වන ආලේප සිරුරට ගැල්වීම තුලින් අපට කිසිදු ප්‍රථිඵලයක් ලබා ගත හැකිවන්නේ නැහැ.මුහුණට වුවද මුහුණේ සමේ ස්වභාවය අනුව ආලේපයක් තෝරා ගත යුතුයි. ආලේපනයක් භාවිතා කල යුත්තේ එය අපේ සමට උවමනානම් පමණයි. අනවශ්‍ය ලෙස ආලේපන භාවිතා කිරීමනම් සෞඛ්‍යආරක්ෂිත වන්නේ නැහැ.

වියළි සම,තෙල් සහිත සම, මිශ්‍ර සම හා සංවේදී සම යනුවෙන් සමේ ස්වභාවය අනුව වර්ග කල හැකියි. ඔබ සංවේදී සමක් ඇති අයෙකු නම් විශේෂයෙන් රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන ආලේපන වර්ග භාවිතා කිරීමට කටයුතු කල යුුතුයි. එයට හේතු වන්නේ සමහර ආලේපන නිසා ඇතැම් අයට ආසාදන තතත්වයන් ඇති විය හැකියි. ඒ නිසා එවැනි අය වෛද්‍ය උපදෙස් මත ආලේපන වර්ග භාවිතා කරන්නේ නම් වඩාත් සුදුසුයි.

ඔබේ සම මොන වගේද?

මේ විදියට සම හදුනාගන්න ඔබට සුදුසු ආලේපන වර්ගය තෝරාගැනීමේ හැකියාවක් පවතිනවා. ඔබ රාත්‍රී නින්දට පෙර මුහුණ හොදින් සෝදා පිරිසිදු කර කිසිදු ක්‍රීම් වර්ගයක් ආලේප නොකොට නින්දට යන්න. උදේ අවධි වූ පසු අළුත්  ටිෂූ එකක් ගෙන නහය හා කම්මුල් මත තබා ලද කරන්න. ටිෂූ එකේ තෙල් අධික ලෙස තැවරී ඇත්නම් එය තෙල් සහිත සමක් ලෙසත්, ටිෂූ ක අළුත්ම ස්වභාවයෙන් පොඩිවුණ පාරවල් පමණක් ඇත්නම් වියළි සමක් ලෙසත් තීරණය කල හැකියි. මේ දෙක අතර තත්වවයක් ටිෂූ එක පවතීනම් ඔබට ඇත්තේ සාමාන්‍ය සමකි.

 

වෛද්‍යවරයා සඟරාව ඇසුරෙණි.