මුහුදට කුණු දාන බෝට්ටු මාෆියාව නිසා අසරණ වන තෙප්පම් ධිවරයා !

0
207

waste dumping issue 1waste dump 1

මීගමුව  නගරයේ  වෙරළ  තීරය  තුළ ජීවත්වන  සුළුපන්න  ධීවර  ජනතාව  අදවනවිට  ප්‍රශ්ණ  ගනනාවක්  මත  පීඩාවට  ලක්වී  ඇත. ඉන්  ප්‍රධානම  ප්‍රශ්ණය  ලෙස  මතුවී  ඇත්තේ  මෙම  ජනතාවට  තමන්  මෙතෙක්  කල්  නිරතවි  සිටින  පාරම්පරික  රස්සාව  කළ  නොහැකි  තත්වයක්  උදාවී  තිබීමයි.  ඔවුන්  රැකියාව  කරන  සීමාව  තුළ  දිනපතා  හෙලන  විවිධාකාරවූ  අපද්‍රව්‍ය   ප්‍රමාණය  අති විශාලය.  මෙය  මීගමුව  සිට  හලාවත  දක්වාවූ  ගොඩබිම්   තීරුවේ ජීවත්වන සියළු  ජනයාට  බලපවත්වන  පරිදි  සිදුවන්නකි. දිගින්  දිගටම  සිදුවන  මෙම  ක්‍රියාවලිය  පිළිබඳව  මෙම  ධීවර  ජනතාව  දැඩි  කණස්සල්ලෙන්  පසුවෙති. මීගමුව  වැල්ලවීදිය  ශාන්ත  සෙබස්තියන්  දේවස්ථානය  පිටුපස  ජීවත්වන  තෙප්පමේ  රස්සාව  කරන  ධීවරයකුවූ  චමින්ද මහතා   තමන්ට  මුහුණදීමට  සිදුව  ඇති  මෙම  කාරණය  පිළිබඳව  පැහැදිළි කළේ  මෙසේය.

අපේ  සීයල,  තාත්තල  කරපු  රස්සාව  අද  අපිට  අහිමි  වෙන තත්වයක්  තමයි  පේන්න  තියෙන්නෙ.  අපේ  දරුපවුල්  නඩත්තු  කරන්නෙ  මේ  රස්සාවෙන්.   දැන්  මාළු  අඩුයි  මුහුදෙ. කරවල  කරන  අය  හැමදාම  ඇවිල්ල  මාළු  කටු,  ඔළු  වගේ  දේවල්  මුහුදට  හලල  යනව.  එහෙම  දාන  අපද්‍රව්‍යවල  තියෙන   මස්  කොටස  නම්  මාළු  කාවි.  ඒවුනාට  කටු  ඒ විදිහටම  තියේවි.  පහුගිය  සතියෙ  ඇන්ටන්  කියන  ධීවර  මහතාගේ  දැල්  කෑලි  හතරක්ම  කටුවලට  පැටලිල  ඉරුනා.  මේක  භයානක ප්‍රශ්ණයක්.  අපි  හැම  නිලධාරි  මහත්තයෙකුටම  මේගැන  කියල  තියෙනව. ඒවුනාට  කරවල මුදලාලිලගෙ  කරවල  ටිකක්  අරගෙන  ඒගොල්ලො  යන්න  යනව.  ඕක  තමයි  වෙන්නෙ.

තව  ධීවර  පිරිසක්   අපසමඟ  ප්‍රකාශකළේ  මෙවැනි  අදහසකි.

මාළු  අපද්‍රව්‍ය  විතරක්  නෙවෙයි   මිනිස්සු  පහසුවට  හැමදේම  මේ  මුහුදට  ගෙනැල්ල  දානව. දැල්ලො  ඇල්ලීමට   සමහරු  පොල්ගස්වල  මටුළු   වැලි  කොට්ටවල  ගැටගහල  මුහුදට  දානව. උඩ  ප්ලාස්ටික්  බෝතල්  ගැට ගහනව. මේ  වගේ  10ක්  15ක්  දානව. මේ  මටළු  වලට  දැල්ලො   එනව.    මාසෙකට  විතර පස්සෙ  ඇවිත්    ඒගොල්ලො  දැල්ලො  අල්ලගෙන  යනව.  මුහුදට  දාන  දේවල්  අයින්  කරන්නෙ නෑ.

මීට  පෙර  දූව ,  මෝරවල  පැත්තේ  සිදුවන  මෙවැනි  පරිසරය  විනාශවන  සිදුවීමක්  අපගේ  වෙබ් අඩවියේ  පළකලෙමු.  මේ  සම්බන්ධව  අප සමඟ  අදහස්  දක්වමින්  කථාකළ  එක්සත්  ධීවර  සමීතියේ  අරුණ  මහතා  සඳහන්  කළේ  මේවනවිට  මෙම  අක් වෙරලේ  ඇති  කොරල්පර  මැරී  ඇති  බවයි.   එය  සිදුවී  ඇත්තේද  මෙසේ  අපද්‍රව්‍ය  දැමීම  නිසා  බව  එදා  අරුණ  මහතා  පැහැදිළි  කරන  ලදී.  මෝරවල  යනු මිගමු  නගරයේ   ඇති  සුන්දර  ස්ථාන  වලින්  එකකි.  විවිධ  ප්‍රදේශවලින්  පැමිණෙන  පිරිස්  මෙම  ස්ථානයට  පැමිණ  විනෝදයෙන්  ගතකරයි.  මේ  පිරිස  අතර  විදේශිකයින්ද  සිටින  බව  අපි  දනිමු.

ඉහත  සඳහන්  කළ  පරිදි  සුළු පන්න  ධීවරයාගේ  ජීවිතයට  මෙන්ම  අනෙකුත්  පැති  වලටද  මෙම  විනාශය  ව්‍යාප්තවී  යන  බව  පැහැදිළිය.  මේ  නිසා  අදදින  (11 දා)  මේ  පිළිබඳව  අදාල නිලධාරීන්  සමඟ  කථාකිරීම  සඳහා   සුළුපන්න  ධීවරයින්  පිරිසක්   මීගමුව ධීවර  කාර්්‍යාලයට  යාමට  නියමිතය.  ධීවර  ජනතාව  මෙන්ම   අපද  සිදුවන්නේ  කුමක්දැයි  මේ  පිළිබඳව  අවධානයෙන්  සිටින්නෙමු.