මීගමුව නගරයෙන් ලැබෙන තොාරතුරැ වලට අනුව නම් බැංකු වලට ලැබෙන මුදල් තැන්පතු වලින් ධීවර ජනතාවගේ මුදල් සංසරණය අඩුවී ඇත. එමෙන්ම විදේශිකයින්ට ද මීගමුව නගරය තුළ ඇති කළ හමුදාකරණය බලාපා ඇති බව විචාරකයින්ගේ මතයයි. පසුගිය දිනවලදී ප්රධාන මංසන්ධි වග විශේෂ කාර්ය සාධක බලකාය යොදවා තිබූ අතර ඔවුන් තුවක්කු සහ යකඩ බැටන් පොලු වලින් සන්නද්ධව සිටියහ. එමෙන්ම නගරයේ සිදුකරන සාමාකාමී විරෝධතා වලට සැණෙකින්හමුදා ට්රක් කීපයක් හා යතුරැ පැදි හමුදාවක් පැමිණී සිටිනු දක්නට ලැබුණි. එමෙන්ම කදුළු ගෑස් හා ජල ප්රහාරක රථයක් ද මීගමුව නගරයේ සැරි සැරීය.
අද වන විට ධීවර කර්මාන්තයේ යෙදෙන පවුල් වලට සිය කණකර උගස් කරමින් තමන්ගේ එදිනෙදා වියදම සොයා ගැනීමේ තත්ත්වයක් උදාවි ඇත. ධිවරයින්ට ලබාදේන්නට සැරසෙන සහනාධාරය ගැන ධීවරයින්ගේ නිසිදු විහ්වාසයක් නොමැති අතර ඔවුන් මේ වනතෙක් මුහුදු ගොස් නැත. තමන්ගේ එදාවේලට මාලු ටිකක් සපයා ගන්නට ඔරැවකින් හෝ කුඩා බෝට්ටුවකින් මුහුදට ගිය ධිවරයෙකු හැරෙන්නට රැකියාව පිණිස කිසිදු ධීවරයෙකු මුහුදට ගොස් නොමැත. තමන්ගේ එදිනෙදා වේල සරිකරගත් ධීවර කර්මාන්තය තුළ දින 10ක් අහිමි විම තුළ ඔවුන් ලබන පාඩුවට වන්දි ගෙවන්නට වගකීම ගන්නේ ධීවර ඇමතිවරයාද යන්න ධීවර ජනතාව නගන ප්රශ්නයයි. ඒ වෙනුවෙට තමන් උපයා ගත්,ඉතිරි කරගත් දේ උගසට තමා කන්නට සිදුවී ඇති බව ඔවුන් පවසති.
ඡායා – රේමන්ඩ් අපෝන්සු