මුහුදු ජලයේ කෂ්ණික බැස්මක්! වෙරළ තීරයේ ජනයා විමසිල්ලෙන් !

0
303
IMG_3011
ඡායාරුපය ප්‍රවෘත්තියට අදාල නොවේ.

(දෙවන සංස්කරණය )මීගමුව මුහුදු තීරයේ ජලයේ ක්ෂණික බැස්මක් හේතුවෙන් වෙරළ තිරයේ ජනයා තරමක් විමසිල්ලෙන් පසුවන බව අපගේ ආරංචි මාර්ග දක්වා සිටි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් දූව ප්‍රදේශයේ හිටපු එජාප නාගරික මන්ත්‍රි සංගිත් මහතා කියා සිටියේ තමන්ටද ලැබුන මෙම ආරංචිය නිසා අද රාත්‍රි 9.30 ට පමණ දූව ප්‍රදේශයේ වෙරළ තිරයට ගොස් නිරික්ෂණය කල බවත් ජලතලයේ යම් පසුබැස්මක් නිරික්ෂණය කළ බවත් එයට හේතුව විය හැක්කේ මේ දිනවල බාදිය බැස්ස සිඝ්‍රවිම නිසා විය හැකි බවය.

එහෙත් ප්‍රදේශවාසින් මේ ගැන විමසිල්ලෙන් සිටින බවද ඔහු කියා සිටියේය.මේ පිළිබදව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මංකුලිය ප්‍රදේශයේ නාමල් කියා සිටියේ පෝය දිනය ආසන්නයේම තිබිම නිසා බාදිය බැස්ම වැඩිවියහැකි බවය.

NGB beach
රාත්‍රි 11 පමණ  වැල්ලවිදියේ මුහුදු ජලතලයේ බැස්ම දිස්වු අයුරු… ඡායා- වෛද්‍ය හෙන්රි රොසයිරෝ

හිටපු නාගරික මන්ත්‍රි දොස්තර හෙන්රි රොසයිරෝ මහතාගෙන් අද රාත්‍රි 11 ට පමණ අප කළ විමසුමකට පිළිතුරු දෙමින් කියා සිටියේ තමන් මේ අවස්ථාවේ සිටින්නේ වැල්ලවීදියේ  වෙරළ තීරයේ බවත් අඩි 5 ක පමණ බැස්සමක් පෙන්නුම් කරන බවත්ය.එහෙත් එය භායනක තත්වයක් නොවන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මේ සම්න්ධයෙන් මිපුරට අදහස් දක්වමින ධීවර ක්‍රියාධරයෙකු වන  ලයනල් මහතා කියා සිටියේ මහසිකුරාදා සහ සිංහල දමිල අළුත් අවුරුද්ද එකම දිනයේ වැටිම පිළිබදව කිසියම් කුතුහලයක්ද වෙරළ තිරයේ ජනයා තුල මතුව තිබුන බවත් මෙවැනි වෙනස්කම් ගැන ඒ නිසාම ජනයා කලබලවිමට ඉඩ ඇති බවත්ය.
මීට පෙර සුනාමි තත්වයකට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූයේ පොහොය දිනයක් හා නත්තල් දිනය එක ලග දිනයන් දෙකක යෙදී තිබූ අවස්ථාවක බවත් ජනයා අතර කසුකුසුවක් මතුවෙමින් තිබෙන බවද දැනගන්නට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here