මුහුදු වෙරළ පිරිසිදුව තබා ගැනීම කාගේ වගකීමක්ද?

0
394

tmp_13465-received_101548240585610142034637213තලාහේන මුහුදු වෙරල තිරය තව ටිකදිනකින් කුණු කදු වලින් පිරෙනු ඇත. එවිට අපිට මුහුදු වෙරළේ සුන්දරත්වය වෙනුවට දැකිය හැකි වන්නේ කුණුගොඩවල් ය.
වෙරල තිරයේ ජීවත්වන මිනිසුන්ට නම් මේ ගැන කිසිම අවබෝධයක් හෝ උවමනාවක් ඇති බව නොපෙනේ. දිනපතා තමන්ගේ ගෙවල් වල එකතුවන කුණු මුහුදු වෙරළට විසිකරන්නේ එනිසාය.
එහෙත් මුහුදු වෙරල , එහි පිරිසිදුකම සහ සංරක්ෂණය ගැන වගකිවයුතු රාජ්‍ය ආයතනනම් ගණනාවක්ම ඇත. සේවය කරන නිලධාරිඳ බොහෝ ඇත. මෙම ආයතනවල නිලධාරින් කිසිම දවසක මුහුදු වෙරල පැත්ත පලාතකවත් එනබවක් නම් පෙනෙන්නට නැත.
මේ සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක අවශ්‍ය තාවය අපිදකිමු.
මෙය ආරම්භ විය යුත්තේ ජනතාව දැනුවත් කිරීමෙන්ය. එසේ දනුවත් කිරීමෙන් පසුවත් ජනතාව තවදුරටත් එම වරදම කරන්නේ  නම් ඔවුන්ට දඩුවම් කිරීමේ ක්‍රියාදාමයකට යා යුතුය.

අශාණෝ.