මුහුදෙන් වැලි අදිනවට විරුද්ධ වෙච්ච ඇමති නිමල් මීගමුවේදි කඩොල් කපනවට විරුද්ධ නොවුනේ ඇයි ?

0
133

දයාන් සනත් නිශාන්තඇමති නිමල් ලංසාද මුල්ව සංවිධානය කර තිබුන කලපු සංවර්ධනය පිළිබදව මිගමු රැස්විම මේ වන විට රට තුල දැවැන්ත සාකච්ජාවක් නිර්මාණය කර තිබේ. එ පැති ගණනාවකින්ය.
මිගමුවේ හදවත බදු කලපුවේ කඩොලාන සුරැකිමට එක් නිලධාරිළණියන් තනි සටන නියැලි සිටිද්දි දැදුරු ඔයේ වැලි කපා පරිසරය විනාශ කිරිමට සකලාකාරයෙන්ම උදව් කළ ධිවර රාජ්‍ය ඇමති මිගමුවේදිද සිය අධාරකරුවන් සතුටු කර විමට කඩොල් කපන්න දගලද්දි එයට කිසිදු ඉඩක් නොතබා නිර්භිතව නැගි සිටි ගම්පහ වනජිවි නිලධාරිණිය තඩි පිරිමි ශරිර රැසක් මැද වු කලපුවත් කඩොලා සුරැකිමට  පියවර ගනි.
මිගමු ධිවරය තාත්තාලගෙන් උපත ලදැයි සිතිය හැකි තඩි පිරිමින් ඔක්ෂිජන් එපා අපට සෙල්ලම් පිට්ටනි දිපියව් කියද්දි ඇමති නිමල් කඩොලාන කපනවාට තමන් විරැද්ධ යැයිද තමන් පරිසරයට ආදරකරනවා යැයිදි රජයට තමයි මේව තේරෙන්නේ නැත්තේ මම නම් ධිවර පුතෙක් ඒ නිසා වැනි ලොරි ටෝක් මේ රැස්විමේදි කිවේ නැත.එහෙත් ඔහු ඊයේ හැදල ධිවර උද්ඝෝෂකයන්ගේ හු පාරෙන් පසු එකපාරටම පරිසර පුතෙකු විය.

නිමල් ලංසා නගරාධිපතිව සිටියදි කඩොල් අක්කර 8 ක් නිකරුණේ කපා විනාශ කරන ලදි

 

නිමල් ලංසා යනු මිගමුවේ කඩොලාන් අක්කර 8 ක් නිකරුනේ කපා විනාශ කළ අයෙකි. ඒවාට එරෙහි එදා මිපුර වෙබ් අඩවිය තනි සටනක් කරද්දි අපේ කාර්යාල ඉදිරිපිටට 5000 ක් රැගෙන විත් උද්ඝෝෂණයක් කරනවා යැයි එදා අපට තග දැම්මේය. ( ධිවරයන් වෙනුවෙන් පෙනි සිටිනවා යැයි කියන කප්පරක් සල්ලි ලැබෙන සංවිධාන පවා මේ සටනේදි නිහඩව සිටියේය)

තතු එසේව තිබියදි ඊයේ හැදලදි පරිසර වේදියෙකු ලෙස වෙස්වලාගෙන සිටි ඇමතිවරයාගේ ඇත්ත පරිසර ස්ථාවරය දැන් දේවානිලා හමුවේ රෙදි ගැලවි නිරුවත් වි හමාරය.මැතිවරණයක් වෙනුවෙන් වෙස් මාරු කළ හැකි දේශපාලකයන්ව නිරුවත් කළ දේවානිලා සුරැකිමට අප මාධ්‍යවේදින් ලෙසින් කොන්දේසි විරහිතවම කැපවන්නට සුදානම්ය.