

බටහිර වෙරළට තාමත් ඇත්තේ වලාල කාලයයි . ඒත් දැන් ඉදන්ම මුහුදු ඛාදනය දරුණු වෙන්න පටන් අරන්.අද හැන්දැවේ මිගමුවේ දූව ගමට මුහුද ගොඩගලන්න පටන් ගත්තා.
ධිවරයො කිව්වේ ඒ වෙලාව බාදිය තියෙන කොට එහෙම මුහුද ගැලුව නම් වඩදිය ඒ කියන්නේ මුහුදෙ වතුර වැඩිවෙන වෙලාව කොයි විදියේ බලපෑමක් වෙයිද කියලයි.
අද හැන්දැවේ ඉදන් දූව ගමට යන පාරවල් යටවුණා විතරක් නෙමේ ගෙවල් ඇතුලෙනුත් වතුර දාන්න පටන් අරන් තිබුණ.

ධිවරයෝ එදා ඉදන්ම කිව්වේ ෆෝට් සිටියේ බලපෑම කියලයි.අක්කර 600 ක් පුරවන්න මුහුදෙන් ගත්තු වැලි වලට දැන් වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ වෙරළ අයිනේ තියෙන ගම්වල අසරණ අහිංසක මිනිස්සුන්ට .


මේ ඛේදවාචකයේ දූව ගමේ පළමු ගොදුර වුනේ සුජිත්.
මෝරවල ලග තිබුන එයාගේ නිවස මුහුද රළට බිලිවෙන්න පටන් ගත්තේ 2019 ජුලි මාසේ. ඒ කියන්නේ වාරකන් කාලේ .
මේ අවදානම් තත්වය හින්ද සුජිත්ලාට එතනින් ඉවත් වෙන්න කියල ලිඛිතව දැනුම් දුන්නේ වෙරළ සංරක්ෂණේ මහත්තුරු .රජයේ ඉඩමක් ලැබිමට නිර්දේශිතයි කියලත් ඒ ලියුමේ සටහනක් තිබුණා.

එත් සුජිත්ලාට තාමත් ඉඩමක් දෙන්න මිගමුවේ රාජ්‍ය නිලධාරින්ට බැරිවෙලා.
ඉන්නන තැනක් නැති වුන හින්ද සුජිත් ඇවිල්ලා කලපුවේ අයිනේ තිබුන තැනක පැල්පතක් අටව ගත්තා.


ගමේ ධිවර සමිතියකින් කියපු කට්ටියක් සුජිත්ට විරුද්ධව පැමිණිල්ලක් දැම්මා .
වෙරළ සංරක්ෂණ නිළධාරින් නඩු දැම්මා.
අධිකරණ නියෝගයක් දුන්නා ,පිස්කල් නියෝගයට අනුව හිතක් පපුවක් නැතිව ගේ මේ පුංචි පැල නාරසෙනෙකින් ඇනල කඩල දැම්මේ ධිවර සමිතියේ පැමිණිල්ල දාපු මිල්ටන් කියන පුද්ගලයා.

සුජිත්ල ආයෙත් අනාථයි.
දැන් තවත් කුඩාරමක් හිතවත් පවුලක ඉඩමක හදාගෙන .


ඡායා සහ විඩියෝ -පුරවැසි මාධ්‍යවේදි නුවන් හර්ෂ