මුළු මීගමුවේම අසූචි දෙපා ඇළ දිගේ මීගමු කලපුවට-…..???

0
159
වලට මුදාහැරෙන අසුචි ඉන් ගලායන අයුරු....

මුළු මීගමුව නගරයේම අසුවි බැහැර කරනු ලබන කුරණ මළඅපවහන පද්ධතිය කැඩි ගොස් දැන් වසර 2 කක්ටත් ආසන්නය.
එහෙත් එය පිළිසකර කිරිම සදහා මේ වනතුරුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මකව නැත. දිනකට ගලි 7 ක් 8ක අසුචි කුරණ මේජර් රාජ් ක්‍රිඩාංගනයේ කෙළවරක ලදු කැලැවකින් වටව ඇති වලකට මුදාහරියි.
එහි පිරෙන අසුචි ඉන් අනතුරුව බටයක් දිගේ මුදා හැරෙන්නේ නිවෙස් ගණනාවක් පිහිටා ඇති තැනකින් දියහොඳ ඇල වෙතය.දියහොඳ ඇල හරහා මේ සියළු අසුචි බැහැර කෙරෙනුයේ මීගමුව කලපුව වෙතය.
මේ නිසා අධික දුඟදත් සමඟින්  තවත්  බරපතල සෞඛ්‍ය ප්‍රශ්ණ ගණනාවක් මතුව තිබේ.
මේ සම්බන්ධයෙන් වසර 2 ක් තිස්සේ නගර  සභාවට කිසිදු වැඩපිළිවෙලක් නොතිබුන බවට ප්‍රදේශවාසින් චෝදනා කර  සිටිති.
මේ අවස්ථාවට පැමිණ සිටි කර්මාන්ත කාරක සභාවේ සභාපති නාගරික මන්ත්‍රි ඩන්ස්ටන් මහතා මාධ්‍ය වෙත පවසා සිටියේ මීගමුවේ අළුතින් ඉදිකෙරෙන නවලෝක රෝහලේ සියළු මළඅපවහන මුදාහැරිමට ලැබෙන ඉඩකඩ මත කුරණ දැනට ක්‍රියාවිරහිතව පවතින මළඅපවහන පද්ධතිය පිළිසකර දිමට පොරොන්දුවි ඇති බවය.
දැන් මතුවන ගැටළුව වන්නේ වසර 2 කක් යනතුරු මීගමුව නගරයේ අසුචි  බැහැර කිරිමට මහනගර සභාව නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිමට අපොහොසත්ව ඇති බවය.
මේ සම්බන්ධයෙන් නාගරික කොමසාරිස් වරයාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා සිටියේ එහෙම ප්‍රශ්ණයක් ඇතිබවට ආරංචියක් ඇතැයි තමන්ට දැනගන්නට තිබෙන බවය.
මහජන බදුමුදලින් බැංකොක් සවාරි යන්නට මුදල් වෙන් කිරිම ගැන උනන්දුවන නාගරික මන්තිවරුන්ට වසර 2 කක් තිස්සේ තමන්ගේ ජනතාවක් අසුචි දුගඳ උහුලමින් විඳින පිඩාව තේරෙන්නේ නැත.

අක්‍රියව පවතින මළඅපවහන පද්ධතිය
අක්‍රියව පවතින මළඅපවහන පද්ධතිය
අක්‍රියව පවතින මළඅපවහන පද්ධතිය
අක්‍රියව පවතින මළඅපවහන පද්ධතිය
අක්‍රියව පවතින මළඅපවහන පද්ධතිය
අක්‍රියව පවතින මළඅපවහන පද්ධතිය
උතුරා යන අසුචි පොලොවේ තැන්පත්ව ඇති අයුරු....
උතුරා යන අසුචි පොලොවේ තැන්පත්ව ඇති අයුරු….
ක්‍රිඩාපිටියට යාබදව ඇති අසුචි වල ....
ක්‍රිඩාපිටියට යාබදව ඇති අසුචි වල ….
වලට මුදාහැරෙන අසුචි ඉන් ගලායන අයුරු....
වලට මුදාහැරෙන අසුචි ඉන් ගලායන අයුරු….
දුගඳ නිසා තමන් පත්ව ඇති පිඩාව ගැන කියන ගම්වැසියෙක්...
දුගඳ නිසා තමන් පත්ව ඇති පිඩාව ගැන කියන ගම්වැසියෙක්…

12

දරුවන් නිතර ලෙඩවන බව කියන මවක් ...
දරුවන් නිතර ලෙඩවන බව කියන මවක් …
මළඅපවහන පද්ධතියේ මුරකරු වහා පිවිසුම් ගේට්ටුව දමන අයුරු...
මළඅපවහන පද්ධතියේ මුරකරු වහා පිවිසුම් ගේට්ටුව දමන අයුරු…

15

දියහොඳ ඇලට අසුචි මුදාහැරෙන බටය..
දියහොඳ ඇලට අසුචි මුදාහැරෙන බටය..
තමදරුවන් තමන්ට ගෙනත් දෙන බත් පතවත් කන්න බැරි බව කියන මවක්
තමදරුවන් තමන්ට ගෙනත් දෙන බත් පතවත් කන්න බැරි බව කියන මවක්

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here