මූලික ප්‍රතිකාර ඒකකය (PCU) සහ බාහිර රෝගි අංශය (OPD)මීගමුව රෝහලේ තට්ටු ගොඩනැඟිල්ලට !

0
95

NGB hospital 1මීගමුව රෝහල තුල අද පවතින දැඩි ඉඩ ප්‍රශ්ණය නිසා රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකය සහ බාහිර රෝගි අංශය දැනට සම්පුර්ණ වශයෙන් වැඩ නිමවා නැති තට්ටු ගොඩනැගිල්ලට  ගෙනයාමට කටයුතු සියල්ල සුදානම් වෙමින් පවතින බව වාර්ථා වේ.
මේ සදහා රෝහල් පරිපාලනය  මෙන්ම මුලික ප්‍රතිකාර ඒකකයේ කාර්ය මණ්ඩලයද යහුසුළුව ක්‍රියාත්මක වෙමින් තිබේ.
මේ අතර මේ ඒකකයන් සදහා අවැසි මුලික අවශ්‍යතා සපුරාදිම සදහා මීගමුවේ ඇතැම් ව්‍යපාරික මහතුන්ද සිය දායකත්වය ලබාදෙමින් සිටිති.
මෙහිලා සටහන් කළ යුතුම තවත් වැදගත් කරුණක් වේ.
එනම් මෙහි ඇතැම් කාර්ය මණ්ඩල නිළධාරින්ගේ ඇති උනන්දුවයි.
විශේෂයෙන්ම රෝහලේ වෙනත් ස්ථානයකට ස්ථාන මාරු ලැබ තිබුණද ඒවාට එරෙහිව කෙසේ හෝ බාහිර රෝගි අංශය තුලම යළිත් ස්ථානගතවිම සදහා වෘත්තිය සමිති ක්‍රියාමාර්ග වලට පවා පිවිසුණ නිළධාරින් මෙහි වෙති.
රෝහල තුල බරපතල අර්බුද රැසක් තිබියදි වරෙක පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා කඩිමුඩියේ රෝහලට දුවවිත් තිබුනේ මේ එක් නිළධාරියෙකුගේ ස්ථාන මාරුව අවලංගු කොට බාහිර රෝගි අංශය තුලම ඔහු ස්ථානගත කිරිම වෙනුවෙනි. අද දිනයේ සිට විවෘත කිරිමට නියමිත බාහිර රෝගි අංශයට මෙසේ මහත් උනන්දුවකින්ම යළිත් ස්ථානගත වු ඒ නිළධාරියා සිය සේවය වෙනදා මෙන් නැතිව උපරිමයෙන් දෙනු ඇතැයි අපගේ විශ්වාසයයි.

Save

Save