මෘත දේහයක් කරට ගත් පොලිස් නිළධාරින්ගේ කථාව..

0
66

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු (119) දුරකථන පණිවිඩයකට අනුව මිගමුව රෝහල අසල බස්නැවතුම්පල ඉදිරිපිට නාඳුනන වයස අවුරුදු 60 ක පමණ පිරිමි මළ සිරුරක් ඇති බවට තොරතුරු ලැබිමෙන් පසු මීගමුව පොලිස් රථවාහන අංශයේ නිළධාරින් එම මළ සිරුර ඇති ස්ථානයට ගොස් පරික‍ෂා කොට එම මෘත දේහය මිගමුව රෝහලට ගෙන යනුයේ මල්ශාලාවක අවමංගල රථයකිනි.

මිගමුව මුලික රෝහලේ මෘත ශරීරාගාරයට සිරුර බාරදුන් පසුව ඊට ටික වේලාවකින් රෝහල් බලධාරින් ඉහළින් ආ නියෝගයක් යැයි පවසා මළ සිරුර මෘත ශරිරාගාරයෙන් පිටතට ගෙනවිත් රෝහලේ කොරිඩෝව අසල තබන ලෙස රෝහල් සේවකයන්ට පවසා ඇත.

උදෑසන 6.25 ට යාචකයෙක් යැයි සැකකරන මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් රෝහල ඉදිරිපිට ඇති බව තොරතුරු ලැබී මේ වනවිට පැය 8 ක් ගතවී ඇති හෙයින් මෙම මෘත ශරීරය නරක්වී දුගඳ හමන තත්වයට පත්ව ඇති හෙයින් මීගමුව පොලිස් රථවාහන අංශයේ නිළධාරින් මෘත ශරීරය බාරගන්නා ලෙස නැවත නැවතත් රෝහල් බලධාරින්ගෙන් ඉල්ලා සිටියත් එය නිශඵල ක්‍රියාවක් වී ඇත.

එය එසේ වීමට හේතුවී ඇති බව සඳහන් වන්නේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි :- දයාපාල මහතා දුන් නියෝගයකට අනුව මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරි ප්‍රසන්න ප්‍රමෝදිත් මහතා පවසා ඇත්තේ මෙම මළ සිරුර පොලිස්පති කීවත් බාර ගැනිමට මීගමුව රෝහලට නොහැකි බවයි.

මේ හේතුවෙන් මළ සිරුරක් කරට ගත් පොලිස් නිළධාරින් දෙදෙනෙකු අසරණ වී ඇත. ගෙදර ගියොත් අඹු නසී මඟ සිටියොත් තෝ නසී  යන අරුත සිහියට ගත් පොලිස් නිළධාරින් රෝහල් පොලිස් ඒකකයට මෙම සියලූ තොරතුරු වාර්තා කොට ඊළඟට කළ යුත්තේ කුමක් දැයි කල්පනා කරන්නට විය.

පසුවදී රාගම රෝහලට මෘත දේහය මාරුකර යැවීමට මිගමුව රෝහල් බලධාරින්ගෙන් වාහනයක් ඉල්ලූවත් එයද ප්‍රතික්ෂේපවිම හේතුවෙන් එයද අතහැර දැමු පොලිස් නිලධාරින් මීගමුව නගර සභාවේ පිහිට පැතීය.

එයද අසාර්ථක වු තැන  වවුචර දමා පසුව මුදල් ලබාදීමේ පොරොන්දුව මත මල්ශාලාවක අවමඟුල් රථයක් රැගෙනවිත් මෘත දේහය රාගම රෝහලේ මෘත ශරීරාගාරය වෙත යවා ඇත.

මේ පොලිස් නිලධාරින් පවසන්නේ යාචකයෙකු වුවද දේහයකට ගෞරවයක් හිමිවිය යුතු බවය. යම් හෙයකින් රාගම රෝහලෙනුත් මෙම සිරුර බාර ගැනීම ප්‍රතිෙක‍ෂ්ප කළේ නම් මියගිය පුද්ගලයාගේ සිරුර මහමඟ තබාගෙන සිටීමට සිදුවන බවය.

(විශේෂ තුතිය- ප්‍රසාද් මුතුකඩ මහතාට )