මෙවර මහ මැතිවරණයේදී වැඩි ම මනාප ලබා ගත් අපේක්ෂකයින් 5 දෙනා ?

0
132
messenger sharing button
2024 මහ මැතිවරණ කටයුතු මේ වන විට අවසන් වී තිබුණ ද බොහෝ දෙනෙකුගේ අවධානය දැන් අපේක්ෂකයින් ලබා ගත් මනාප ගණන කෙරෙහි යොමු වී තිබේ.

මේ, මෙවර මහ මැතිවරණයේදී වැඩි ම මනාප ලබා ගත් අපේක්ෂකයින් 5 දෙනා පිළිබඳව කෙරෙන විමසා බැලීමකි.

1.විජිත හේරත් – මහා මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප සංඛ්‍යාව හිමිකර ගැනීමට විජිත හේරත් සමත්විය. ඔහු ලබා ගත් මනාප ඡන්ද සංඛ්‍යාව 716,715කි.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ය. ඔහු ලබා ගෙන තිබූ මනාප සංඛ්‍යාව 527,364කි.

2. හරිනි අමරසූරිය – 2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ වැඩි ම මනාප ගණනක් ලබා ගත් අපේක්ෂිකාව බවට පත්වූවා ය.

මෙරට දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් ඉකුත් සැප්තැම්බර් මස 21 වන දින පැවති ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නා ය.

ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය දශකයක කාලය තුළ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස සේවය කළා ය.

ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පත් වීමට පෙර ජාතික ජන බලවේගයේ දේශපාලන ක්‍රියාකාරීත්වයේ සිටි අතර, 2020 මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය හිමි කරගත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත් වූවා ය.

3. වෛද්‍ය නලින් ද ජයතිස්ස තුන් වැනි ස්ථානයට වැඩිම මනාප සංඛ්‍යාවක් හිමිකර ගත් මහා මැතිවරණ අපෙක්ෂකයා බවට පත්විය. ඒ, ඡන්ද 371,640 ලබා ගනිමිනි. ඔහු මැතිවරණයට තරග කරනු ලැබුවේ කළුතර දිස්ත්‍රික්කයෙනි.

4. නාමල් කරුණාරත්න – මනාප ඡන්ද 356,969 ලබා ගත්තේ කරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කරමිනි.

5. කේ. ඩී. ලාල්කාන්ත මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට තරග කරමින් මනාප ඡන්ද 316951 ක් ලබා ගත්තේ ය.

(BBC සිංහල සේවය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here