මෙවර මැයිදිනයට ඇමති ලංසාගේ බස්පෝලිම හයිඩ් පිටියටද ? කිරුළුපනටද ?

0
211

Rally 2ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් මෙතෙක් කල් මැයි දිනය නිමිත්තෙන් පවත්වනු ලබන මැයි දින සැමරුම් රැලිය එකම ස්ථානයක පවත්වා ඇති නමුත් ඉතිහාසයේ ප්‍රථම වතාවට 2015 මැයි දිනය නිමිත්තෙන් මැයිදින සැමරුම් දෙකක් පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙමින් පවතින බව දැන් හෙළිදරව් වෙමින් තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන රැලිය කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර මහින්දවාදී කණ්ඩායම විසින් තවත් රැලියක් කිරුළපන දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.මෙතෙක් පැවැති මැයි දින රැළි සදහා බස්රථ සිය ගණනක් යෙදවිමට කටයුතු කළ ඇමති නිමල් ලංසා මෙවර මැයි දිනයටත් එසේම කරයිද ?එසේ නම් ඔහුගේ පිරිවරේ ගමනාන්තය කොහේද?
හයිඩ් පිටියද? කිරුළුපනද ?

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here