නන්දසේන පෙරේරා මහතාගේ ජිවන මතක පිළිබද ඔහු සමඟ කළ සුහද කතා බහ පහත දැක්වේ
රියදුරෙක් වෙන්න හිතුනේ ඇයි ?
පොඩි කාලේ ඉදන්ම වාහන පැදවීමට ආසයි. ඒක මං රස්සාවක් හැටියට කිරිමටත් කැමැත්තෙන් හිටිෙය්. මම පාසල් කාලය නිමා කොට ඩ්‍රයිවර් කෙනෙක් විදියට සේවයට ගියා. ඒ අනුව රියදුරු බල පත්‍රය 1964 දි මං ලබා ගත්තා.
මුලින් ඒ සදහා යොමු වු කාලය හා දැන් කාලය ගැන සදහන් කළොත් ?
රියදුරු බල පත්‍රය ගත්තාට පසු රු.60 පඩියට කදානේ රියදුරු රැකියාව කළා. ඉන්පසු වත්තල කේ.බි.එල් පෙරේරා ආයතනයේ රු. 200 පඩියට අවුරුදු 3ක් සේවය කළා.කොළඔ කිරිබත්ගොඩ රුකියාවකට ගියා. කොළඔ ප්‍රයිවට් බස් එලෙව්වා.කොහු මෝලක ලොරියක් එලෙව්වා. ගඩොල් වැලි අදින තැනකට රැකියාව කළා. මීගමුවේ හොටෙල් එකක අවුරුදු 7ක් සේවය කළා.
ඉන්පසු තමයි කැබ් සර්විස් වලට ගියේ.
මේ වෙනකොට රැකියා කියක් විතර කරලා තියෙනවද ?
ඒ කාලේ ඉදන් මේ වෙනකන් රැකියාවන් 70 ක් විතර කරලා තියෙනවා.
පාසල් ජිවිය ගැන සඳහන් කලොත් ?
පොඩි කාලේ පාසල් ගියේ කටුවාපිටිය පාසලට, 5 වසරේ සිට හරිස්චන්ද්‍ර විද්‍යාලයට ගියා. 7වෙනි වසර වෙනකම් විතරයි මං ඉගෙන ගත්තේ. ඇත්තටම වැඩි කල් ඉගෙන ගැනිමට නොහැකි වුනා. ජිවත් විමට මුදල් නොමැති නිසා පාසල් යාම නතර කර මං රැකියාවට ගියා.
ඒ කාලේ මොන වගේ ටැක්සි ද තිබුනේ ?
ඇත්තටම ගොඩාක් තිබුනේ කරත්ත තමයි. කොළඔ තමයි ගොඩාක් ටැක්සි තිබුණේ.
නම් වලින් කිව්වොත් ඒ කාලේ නම් ඇලියෝ කාර් තමයි තිබුනේ දැන් මං පදින එක නැනෝ ටැක්සියක්. කාර් වෑන් තමයි ටැක්සි වලට භාවිතා කරන්නේ.
ඒ කාලේයි අද කාලේයි වෙනස දැන් ටැක්සි වලට තියේන ඉල්ලුම ?
ඉල්ලුම වැඩියි. ඇත්තටම වෙනස කිව්වාහම අපි ඉස්සර කොළඔ ඇවිද්දානේ,කොළඔ වාහනය නවත්තලා නිදහසේ වැඩ කර ගන්න පුලුවන්. එත් එහෙම අද බැහැ. එ් මොකද අද වෙන කොට ගොඩාක් ලොකු වෙනසක් සිදු වෙලා,මාර්ග නිති තදයි. පාකින් තියෙනවා. නමුත් ඉඩ නැ. ඒ වේලාවට අපිට ගොඩාක් දුර යන්න වෙනවා වාහනය නවත්වන්න. ඒ වේලාවට අපිත් එක්ක පැමිණෙන සේවාදායකයින්ට දුරකථන අංකය දිලා වාහනය නැවැත්විමට තැනක් සොයා ගෙන යාමයි කරන්නේ. ගොඩාක් වෙලාවට මං යන්නේ බිච් එකට. එතන වාහනය නැවැත්විමට පහසුයි. නැවතත් සේවාදායකයින් කතා කරාට පස්සේ ඔවුන්ව රැගෙන යාමට පැමිණෙනවා.
සටහන සහ ඡායා – සිතුමි නවෝදා/ ෂෙනාලි මධූෂානි