මේ පිවිතුරු දැක්ම කාගේද ?

0
616

a
(3.36pm)පසුගිය 08 වන සෙනසුරාදා මීගමුව වෙරළ උද්‍යානයේ පැවති උත්සවයක් සඳහා එකී උත්සවයේ සංවිධායකවරු ආරාධනාපත් දෙකක් සකසා තිබිණ.එකක ආරාධිතයා නගර සැලසුම් හි ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඩී.ජී.එම්.වී.හපුආරච්චිය. අනෙකේ ආරාධිතයා මීගමුව මහ නගර සභාවේ නාගරික කොමසාරිස්ය.
මීගමුවේ අප ජල කළමනාකරන ව්‍යාපෘතියක් සඳහා සහභාගි වන්නැයි කියම්න් මුද්‍රණය කළ මෙම ආරාධනා පත්‍ර දෙකෙන් පළමුවැන්න අතිගරු ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමාගේ  පිව්තුරු නගර බිහිකිරීමේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන්නක් යැයි සඳහන් වේ. අනෙක් ආරාධනා පත්‍රය පිවිතුරු සුන්දර මීගමු පුරවරයක් යන තේමාිව යටතේ  මීගමුව නගරාධිපති මැතිතුමාගේ දැක්මට අනුව කරන්නකැයි සඳහන් කරමින් ඔහුගේ අනුප්‍රාප්තිකයන්ගේ නම්ද ඇතුළත් කරමින් සකසන ලද ආරාධනා පත්‍රයකි.මේ දෙකටම ප්‍රධානත්වය ගන්නේ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය ගරු රවුෆ් මකීම් මහතාය.මේ වන විට මීගමුව නගරයේ විවිධ කටයුතු වලට සංකල්ප සහ දැක්මන්  හතු පිපෙන්නාසේ මතුවේ.මදුරුවන්ට දුම් ගැසීම්,කාණු සුද්ධකිරීම් ආදී දෛනික   කාරණා සඳහාත්  එකිනෙකාගේ  සංකල්ප සම්බන්ධවේ.නමුත් නගරයේ ප්‍රශ්න තිබු තැනමය.ඉහත කී ආරාධනාපත්‍ර දෙකෙන් පැහැදිලි වන්නේ මොවුන්ට අනුන්ගේ දරුවන් සඳහා උප්පැන්න සෑදීම ⁣ඓතිහාසික පුුරුද්දක් වී ඇති බවයි.නම ප්‍රසිද්ධ කර ගැනිමට අනුන්ගේ ක්‍රියාවක් වුවද තමන්ගේ දෙයක් බවට පත්කරගැනීම මොවුන් සතු එකම දැක්ම බව අපට මනාව වැටහේ.