මේ අනතුරුදායක යකඩ කූරේ අයිතිකාරයා කව්ද ?

0
266

danger (1)මීගමු  රෝහලට   මාරිස්ටෙලා  විදුහල  පැත්තෙන්  ඇතුළු  වන  ස්ථානයේ  ප්‍රධාන  පාරේ  අඩි  2  ½ ක්  පමණ  උසකින්  යුතු  යකඩ  කූරක්  අනතුරුදායක  ලෙස   දක්නට  ඇත.  මෙය  ඉක්මනින්    ගලවා  දැමියයුතුව  ඇත.මන්ද    රෝහලට  ඇතුළුවන  සහ  පිටවන  අයගෙන්   බහුතරයක්  දෙනා(  රෝගී  සහ  නිරෝගී  ) ඉතා  කලබලකාරී    ලෙස  රෝහල  වෙත  යනඑන  බැවින්  ,  අනතුරක්  වීමේ   ඉඩ කඩ  වැඩිය.  මෙය  සුළුදෙයක්  ලෙස  පෙනුනද  මින්  යම්  සිදුවීමක්  සිදුවුවහොත්  ඇතිවන  ප්‍රතිඵලය   බියජනක  විය  හැක.  සමහර  විට  ජීවිතය  අහිමිවීමට  පවා  මෙය  හේතුවක්  වන්නට  පුළුවන.  එනිසා  ඉක්මනින්ම  මෙම  යකඩ  කූර   ගලවා  දමන  ලෙස  බලධාරීන්  ගෙන්  අප  ඉල්ලා  සිටිමු.
මෙම යකඩ කූර මේ අකාරයෙන් අනතුරුදායක ලෙස සිටුවා තබන ලද්දේ කව්රුන්දැයි සොයා බැලිමේදි දැනගන්නට ඇත්තේ රෝහල ඉදිරිපිට කාණුවේ කැට කැඩි ඇති බැවින් එහි අනාරක්ෂිත තත්වය නිසා යම් අනතුරුක් විම වැලැක්විම සදහා මෙසේ යකඩ කූරක් සවි කර ඇති බවය.කෙසේ වෙතත් මෙය අනුවන ක්‍රියාවක් බවයි ඒ අවට සියළු දෙනා විසින්ම පවසා සිටිති.
pubudu weel (4)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here