”මේ ආණ්ඩුව තරම් දූෂිත ආණ්ඩුවක් නෑ”. මෛත්‍රී තෝප්පුවේදි කියයි.

0
113

1245පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වන ජනරැළි ගණනාවක් මේ වන විටත් පුත්තලම් දිස්ත්‍රික්කය පුරා පැවැත්වෙමින් තිබේ.
කොච්චිකඩේ තෝප්පුව මංසන්ධියේ පැවැති රැළියට මීට සුළු වේලාවකට කලින් ජනතාව ඇමතු මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ මේ තරම් ජනතාවගේ දේපල කොල්ල කෑ දූෂිත ආණ්ඩුවක් නැතැයි කියාය.විශේෂයෙන් උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරිමේ ව්‍යාපෘතියෙන් කරන්නට යෙදුන ගසා කෑම් දිර්ඝ විස්තරයක්ද එහිදි හෙළිකර සිටියේය.
මෙම රැස්විම සදහා වයඹ පළාත් සභාවේ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා කිංග්ස්ලිලාල් ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් පෙරේරා ඇතුළු දේශපාලකයන් ගණනාවක් සහභාගිව සිටියහ.
ඇද හැලුන ධාරාණිාපාත වැසි පවා නොසලකා මහත් උද්යෝගයෙන් යුතුව ජනයා මෙම රැළියට සහභාගිව සිටිනු දක්නා ලදි.
ඡායාරූප- දිල්ෂාන් තිසේරා