මේ ආදරණීය පුංචි දියණියට , ඔබේ සෙනෙහසේ දෑත් දිගු කරන්න

0
176

මේ ඡායාරූපයේ ඉන්න මේ පුංචි දියණියගේ නම සයොනි විහංසා . දස හැවිරිදි වියේ පසුවන මේ පුංචි දියණිය ඉන්නේ කොච්චිකඩේ පළඟතුරේ ප්‍රදේශයේ. මේ දියණිය මෙලොව එළිය දුටුවේ හදවතේ ඇතිවූ රෝගී තත්ත්වයක්ද සමඟින්.

ඇය උපන්නේ හදවතේ සිදුරක් සහිතව.ඇයගේ එම රෝගී තත්ත්වය හඳුනාගත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ⁣වෛද්‍යවරු විසින් ඇයව බයි පාස් සැත්කමකට ලක් කිරීමෙන් අනතුරුව ඇයගේ හෘදයේ තිබූ සිදුරක් සහිත රෝගී තත්ත්වයෙන් ඇය පූර්ණ ලෙස සුවපත් විය.

එහෙත් ඇය හයවෙනි වියේ පසුවන විට ඇය තවත් රෝගී තත්ත්වයකින් පෙලෙන්නට විය. ඇයට නිතරම බඩ බුරුලට යාමටත්, මල පහ කරන විට නිතරම රුධිරය පිටවීම වැනි රෝගී තත්ත්වයන්ගෙන් ඇය පෙලෙන්නට විය. ඇයව නැවතත් රිජ්⁣වේ ආර්යා රෝහලට ඇතුළත් කර එම්.ආර්.අයි ස්කෑන් පරීක්ෂණයකට ලක් කල විශේෂඥ වෛද්‍ය මලික් සමරසිංහ මහතා ඇය ගේ මහා බඩවැලේ සෙන්ටිමීටර් එකක් පමණ ප්‍රමාණයෙන් යුත් පිළිකාවක් වර්ධනය වන බව හඳුනාගත් අතර ඒ සඳහා ඇයට ඉක්මන් ශල්‍යකර්මයක් සිදු කරන්නට ද වෛද්‍යවරයා ක්‍රියා කලේය. ශල්‍යකර්මයෙන් පසු මේ පුංචි දියණියට ලේසර් කිරණ ප්‍රතිකාරයද ලබාදුන් වෛද්‍යවරු ඇයට මාස හයෙන් හයට එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණ සඳහා යොමු කරන ලෙස ද දැන්වීය.

ඉන්පසු මේ පුංචි දියණියට සිදුවූයේ ඇස් නොපෙනීමේ රෝගී තත්ත්වයකට ලක්වන්නටය. එම රෝගී තත්ත්වය ද වෛද්‍යවරුන්ගේ දැඩි කැපවීම සහ නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දී එම රෝගී තත්ත්වයද යම්තාක් මට්ටමකට සුවකර ගැනීමට හැකි විය. මේ පුංචි දියණිය මේ වන විට උපැස් යුවලක් ආධාරයෙන් යම්තාක් දුරකට පෙනීම ලබා ඇත.

එහෙත් මේ සියලුම රෝගී තත්ත්වයන්ගෙන් යම්තාක් දුරකට හෝ මිදුණු මේ අහිංසක පුංචි දැරිය දසවන වියට එළඹෙනවාත් සමගම සිදුවූයේ නොසිතූ ලෙස තවත් දරුණු සහ විරල රෝගී තත්ත්වයකට මුහුණ දීමටය. එනම් සිය ශරීරය තුළින්ම හට ගත් මල්ටි ඇලජික් හෙවත් සිය ශරීරය තුළින්ම හටගන්නා ආසාත්මිකතාවයකට ඇය මේ වන විට ලක්වී සිටි. මෙම රෝගී තත්ත්වය හඳුනාගත් රිජ්වෙි ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇයගේ රෝගී තත්ත්වය හරිහැටි නිශ්චය කර ගැනීම සඳහා ඇයව වෛද්‍ය පරීක්ෂණ ආයතනය (එම්.ආර්.අයි) වෙත යොමු කර ඇත. මෙම රෝගී තත්වය තුළ මේ පුංචි දියණියට නිතරම පෙනහළු අවහිරවීම සිදුවෙන අතර ඇයගේ අක්මාව අධික ලෙස ඉදිමීම සිදුවේ.

මේ විරල තත්වය පිළිබඳව ඇයගේ දෙමාපියන් වෙත වෛද්‍යවරුන් විසින් පැහැදිලි කර ඇත්තේ ඇයගේ මෙම රෝගී තත්ත්වයේදී ඇගේ ආමාශය තුළ ඇති බඩවැල් ඉතා දරුණු ලෙස තුවාල වී ඇති බවයි. ඒ නිසාම ඇයගේ බඩවැලේ සමහර තැන්වලින් ඉරි ගොස් ඇති බවත් වෛද්‍යවරුන් විසින් මේ දියණියගේ දෙමව්පියන්ට පැහැදිලි කර දී ඇත. මෙම විරල රෝගී තත්ත්වය, අප සාමාන්‍යයෙන් දන්නා සමාජයේ හමුවන ගැස්ට්‍රයිටීස් රෝගියෙකුගේ බඩවැල් තුවාල වනවාටත් වඩා වැඩි ප්‍රමානයකින් ඉතා දරුණු ලෙස තුවාල වී ඇති බව එහිදී වෛද්‍යවරුන් විසින් මේ දියණියගේ රෝගී තත්ත්වය පැහැදිලි කිරීමේදී වැඩිදුරටත් පවසා තිබේ.

මේ වන විට ඇය සිටින්නේ වෛද්‍යවරුන් විසින් අනුමත කළ ආහාර පාලන සැලසුමකට නතුවය. ඊට හේතු වන්නේ ඇගේ බඩවැල් ඉතා දරුණු ලෙස තුවාල වී බඩවැල් සමහර තැන්වලින් ඉරී ගොස් ඇති නිසා ඇයට සාමාන්‍ය නිරෝගී අයෙකු ගන්නා බර ආහාර වැනි ආහාර එක ලෙස ජීර්ණය නොවන නිසිවෙනි.

මේ පුංචි දියණියගේ වයසේ පසුවන වෙනත් දරුවෙකු ගන්නා සමතුලිත ආහාර වේලක් ලබා ගැනීමට මේ වන විට මේ පුංචි දියණියට නොහැකි වී තිබේ. ඒ නිසාම එවැනි සමතුලිත ආහාරවෙලකින් ලැබෙන පෝෂ්‍ය ගුණය නොමැති නිසාවෙන් ඇය මේ වයසේ පසුවන වෙනත් නිරෝගි දරුවන්ට වඩා ශරීර ශක්තිය අතින් අවම මට්ටමක සිටී. මේ හේතුන් නිසාම නිරන්තරයෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් සහ ප්‍රතිකාරද මේ පුංචි දියණියට අනිවාර්යෙන්ම අත්‍යවශ්‍ය වී තිබේ. මේ පුංචි දියණියට ඇයගේ සම වයසේ පසුවන වෙනත් දරුවන් මෙන් දුවපැන වැඩි වේලාවක් සෙල්ලම් කිරීමට පවා නොහැකිය. ඒ ඇය මේ වන විට ලක්ව ඇති මෙම විරල රෝගී තත්ත්වය නිසාවෙනි. ඇය වැඩිපුර මහන්සි වන විට පපුවේ හතිය වැනි රෝගී තත්ත්වයන් ඇතිවන බව ඇගේ මව්පියන් පවසයි.

ඇය දළුවකොටුව සාන්ත ආනා පාසලට අධ්‍යාපන කටයුතු සඳහා ඇතුළත් වුවත් මේ සියලු රෝගී තත්ත්වයන් හේතුවෙන් ඇයගේ පාසල් ගමන ද මේ වන විට අතරමග නතර වී ඇති බව ඇයගේ දෙමව්පියන් පවසයි. ඇයට සාමාන්‍ය පරිදි, තමන්ගේ සම වයසේ පසුවන වෙනත් දරුවන් මෙන් පාසල් ගොස් ඉගෙන ගන්නට , හැකියාවක් සහ ආශාවක් කැමැත්තක් තිබුණත් මෙවන් රෝගී තත්ත්වයක් තුළ ඇයව අඛණ්ඩව අධ්‍යාපන කටයුතු සඳහා පාසල් යවන්නට නොහැකි තත්ත්වයකට පත්ව ඇත.

මේ වන විට මේ පුංචි දියණියගේ මෙම විරල රෝගී තත්ත්වය සඳහා වෛද්‍ය උපදෙස් සහ වෛද්‍ය ප්‍රතිකාර සපයන විශේෂඥ වෛද්‍ය වත්සලා හතගොඩ මහත්මියගේත් එලෙසම විශේෂඥ වෛද්‍ය මහාචාර්යය ෂාමන් රංජිත් මහතාගේ සහ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාගේත් පූර්ණ අධීක්ෂණය මත මේ දියණිය පෙළෙන මෙම රෝගී තත්ත්වය පිළිබඳව නිරන්තර පරීක්ෂාවන් සිදු වේ.
ඒ අනුව මෙම වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී ඇත්තේ මූලිකවම ඇයගේ බඩවැලෙහි දරුණු ලෙස තුවාල වී ඉරී ඇති සථාන සුවපත් කළ යුතු බවකි. ඒ සඳහා මේ පුංචි දියණිය වෙත ලබා දිය යුතු වෛද්‍ය ප්‍රතිකාර සහ බෙහෙත් ඖෂධ පිළිබඳව එම විශේෂඥ වෛද්‍යවරු විසින් මේ දියණියගේ මාපියන් දැනුවත් කර ඇත. ඒ අනුව මේ පුංචි දියණියගේ දරුණු ලෙස ඉරී ⁣ගොස් , තුවාල වී ඇති ආමාශයේ බඩවැල් සුව කරන්නට ඇමරිකාවෙන් ගෙන්විය යුතු “බි්‍යුඩිසොනයිඩ්” (BUDESONIDE) නැමැති ඖෂධය නිර්දේශ කර ඇත. මෙම ඖෂධය දිනකට මීලීලීටර් එක බැගින් පුරා මාස හයක කාලයක් මේ දියණියට ලබාදිය යුතුව ඇත. මෙම ඖෂධය ඇමෙරිකාවේ සිට මෙරටට ඇනවුම් කර ගෙන්වා ගත යුතු බෙහෙත් ඖෂධයකි. ඒ අනුව එක් මසකට මෙම ඖෂධය මේ පුංචි දියණියට ලබාදීම සඳහා රුපියල් 265,000/= පමණ වැය වන බව මේ දියණියගේ මවුපියන් පවසයි. එලෙසම ඇයට සමතුලිත ආහාර වේලක් ඍජුව ලබාගත නොහැකි නිසා විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති පෝෂදායි අතිරේක කිරිපිටි ආහාරමය පානය සඳහා එක් මසකට තවත් රුපියල් 20000/= ක පමණ මුදලක් වැය වෙන බව ඇයගේ දෙමාපියන් පවසයි.

එලෙසම ඇයට ලබාදෙන වෙනත් බෙහෙත් ඖෂධ වෙනුවෙන්ද සැලකිය යුතු මුදලක් වැය වෙන අතර සතියකට හෝ සති දෙකකට සැරයක් ඇයව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට රැගෙන යෑමට ද තවත් සැලකිය යුතු මුදලක් වැය වේ. මෙලෙස බැලූ කල ඇයගේ මෙම රෝගී තත්ත්වය නිසාවෙන් මසකට රුපියල් 300,000/= පමණ මුදලක් වැය වෙන බව ඇයගේ දෙමාපියන් පවසයි. මෙලෙස වෛද්‍ය උපදෙස් පරිදි මෙම ප්‍රතිකාරය පුරා මාස හයක කාලයක් අඛණ්ඩව කරගෙන යෑමට නම් රුපියල් ලක්ෂ දහ අටක් (රු.1,800,000/=) පමණ වැයවෙන බව ඇයගේ දෙමාපියන් වැඩිදුරටත් පවසයි . එලෙසම ඔවුන් ඉතා අසරණව සිටින මේ මොහොතේ ප්‍රකාශ කරන්නේ මේ දියණිය උපතේ සිට තිබූ හෘද රෝගී තත්ත්වයේදී සිදුකළ බයිපාස් සැත්කම සඳහා එම සැත්කම කළ කාලසීමාවේ ජනාධිපති අරමුදලින් මුදලක් ලබාදුන් අතර, නැවතත් එම අරමුදලින් වෙනත් රෝගී තත්ත්වයකට මුදල් ලබාදිය නොහැකි බවට ඔවුන් වෙත ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම් දුන් බවයි.

මේ පුංචි දියණිය පවුලේ වැඩිමහල් දරුවා වන අතර ඇයට බාල තවත් සොහොයුරෙක් සහ සොහොයුරියක් ද සිටි. පළඟතුරේ ප්‍රදේශයේ කුලී නිවසක වෙසෙන ඇගේ දෙමාපියන්ට මේ පුංචි දියණියගේත් ඇයට බාල අනික් දරු දෙදෙනාගේත් විය හියදම් මත මේ සා විශාල මුදලක් මේ පුංචි දියණියගේ ප්‍රතිකාර වෙනුවෙන් වියපැහැදම් කිරීමට නොහැකිව ඉතා අසරණ තත්ත්වයකට පත්ව සිටී.මේ පුංචි දියණියගේ රෝගී තත්වය මත ඇයගේ මවටද රැකියාවකට යෑමට නොහැකි නිසා පවුලේ වියදම්ද, මේ දියණියගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යන වියදම් ද දැරීමට සිදුව ඇත්තේ ත්‍රී රෝද රථයක් හයර් කරමින් සුළු ආදායමක් සොයාගන්නා මේ දියණියගේ ආදරනීය පියාටය.
මේ වනවිට ඉතා අසරණව සිටින මේ දෙමාපියන්ට මේ පුංචි දියණියව සුවපත් කර ගැනීමට වෙනත් කිසිදු හව් හරණක් නොමැති නිසාවෙන් ඒ සඳහා විශාල මුදලක් අවැසිව සිටින මේ මොහොතේ ඔබේ කරුණාබරිත ආධාර උපකාරය ලබා දෙන ලෙස ඔබ සැම වෙත ආයාචනා කරයි.

ඉතින් ඔබත් මෙවැනි පුංචි දරුවෙකුගේ ආදරණීය මවෙක් පියෙක් නම් එසේත් නොමැති නම් ඔබ මෙවැනි දරුවන්ට ආදරය කරන අයෙක් නම් , මේ ඔබගේ සෙනෙහසේ දෑත් දිගු කරන්න මේ හොඳම කාලයයි. අසරණ වූ මේ පුංචි දියණියට ඔබේ කරුණාභරිත සෙනෙහසේ දෑත් දිගු කරන්න. ඔබට හැකි අයුරින් මේ පුංචි දියණියගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා උපකාර කරන්න .

මේ පුංචි දියණියට ලබා දිය යුතු බෙහෙත් ඖෂධය පිළිබඳව විශේෂඥ වෛද්‍ය වත්සලා හතගොඩ මහත්මියගේ අත්සනින් යුත් ලිපියේ පිටපතක්ද මෙහි පළ කර ඇත. එලෙසම ඔබට මුදලින් යම් උපකාරයක් මේ දියණිය සඳහා කළ හැකි නම් මේ පුංචි දියණියගේ ආදරණීය මවගේ බැංකු ගිණුමේ විස්තර ද පහත සඳහන් කර ඇත.

*දියණියගේ මවගේ බැංකු ගිණුම් විස්තරය.-

ඉමල්කා හංසනි ජයතිස්ස
Acc. No.- 8250066895
කොමර්ෂල් බැංකුව – මීගමුව.

ලිපිනය.-
20/බී, බටහිර පළාඟතුරේ.
කොච්චිකඩේ.

දුරකථන අංකය.-
0761192629

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here