මේ ඉවතලන යකඩ ගොඩට අවසර දෙන්නේ කව්ද?

0
139

මීගමුව, දළුපත ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට දැනට වසර කිහිපයකට පෙර කුඩා ස්ථායක ඉවතලන යකඩ එකතු කරන ලදී. ක්‍රමයෙන් මෙම යකඩ කඩය අසල තිබෙන කානුවද යකඩ වලින් වැසීයනු පෙනින. අද මෙම ස්ථානය වසාගෙන යකඩ ගොඩගැසෙමින් පාරද ආක්‍රමණය කර ඇත.

මේ ගැන යම් අවස්ථාවක අදාල වගකිවයුත්තන් සෙවිල්ලක යෙදුනු බවට ආරංචි විය. නමුත් අදවන විට මීගමු මහ නගර සභාව හෝ වෙනත් බලධාරියෙකු මේ ගැන සොයාබැලීමක් කරන බවක් පෙනෙන්නට නැත. තමන්ට ලැබෙන වාසි අනුව , තමන්ගේ හිතැඟි අනුව ඕනෑම ස්ථානයකට අවසර ලබාදීමට මේ බලධාරීන් පසුබට නොවන බව නොදන්නා කෙනෙක් නැත. ඒ නිසා එවන් පසුබිමක ඕනෑම අයෙකුට මෙවැනි අනවසර කටයුතු වල යෙදීමේ බාධාවක් නැත.
එබැවින් හෙට දිනයේ මෙම යකඩ ගොඩ පනින රිලවුන්ට ඉනිමං බැඳීමක් වනු ඇත.
සැම්සන් ඥානසිරි