මේ කව්ද ? මොනවද මේ කියන්නේ ?

0
88

Screenshot_20190724_150645මිපුර වෙබ් අඩවිය විසින් පසුගිය 21වෙනදා  කටුවාපිටිය දේවස්ථානය සිය ඇද මතින් පැමිණ ප්‍රතිසංස්කරණය කරන ලද දෙව්මැදුර ආසිරි ගැන්විමේ මෙහෙයට පැමිණි ජසින්තා මහත්මිය පිළිබදව අනුවේදිනිය පුවතක් අප පළකළෙමු.
ඒ සදහා දෙස් විදෙස් මිපුර පාඨකයන්ගේද ඉතා ඉහල ප්‍රතිචාර ලැබෙමින් පවති.
ඒ අතර අද අපට ඇස ගැටුනේ අමුතුම ගනයේ අමන සටහනකි.
ඔහු නමින් ශිරන්ත පෙරේරා යැයි මුහුනුපොතේ සදහන්ය.
ගොස් ඇත්තේද මිගමුවේ වැදගත් කිතුණු පාසැලකටය.
එක් දෙයක් මේ වන විට අපට වඩාත් පැහැදිලි වෙමින් තිබේ.
පසුගිය දිනවල මුහුණු පොතට ඉතාමත් නරක කුණුහරුප සහිත ප්‍රතිචාර ලියා ඇති අති බහුතරයක් දෙනා මේ කිතුණු පුරයන්හි වැදගත් කිතුණු පාසැල්වලට ගිය අයවලුන්ය.
ඒ අය ගැන අප විසින් කරන ලද දිර්ඝ විමර්ශනයකින් පසු චාරයක් නැති ආකාරයෙන් මුහුණු පොතේ ප්‍රතිචාර දක්වන ඇතමෙකු ගැන විස්තර ඇතිවම පළකරන්නට තීන්දු කළෙමු.

ඉහත පළ වන්නේ අප විසින් ඇද මතින් පල්ලියට පැමිණි ජසින්තා ගැන සටහනට ශා පීතර විදුහලට ගිය ශිරන්ත නැමැත්තා විසින් තැබු ප්‍රතිචාර සටහනකි.ත
එහිදි ඔහු කියන්නේ බොරු කිඹුල් කඳුළු හෙලන්න එපා කියාය.
වැදගත් පාසැල්වලට ගිය නැහැදිච්ච අය තැබු සටහන් රැසක් අතරේ මේ සටහන අපට විශේෂ වුයේ එය කොයිතරම් නම් කෘෘර ප්‍රකාශයක්ව තිබු නිසාවෙනි.
ඉදිරියේදි මේ සියල්ල අප කොන්දේසි විරහිතව හෙළිකරන්නේ බුකියේ අකුරු කොටා ප්‍රතිචාර දැක්විම අපේ මාධ්‍ය කලාව නොවන බැවිනි.අප  විසින් ලියා පළකරන මත පුවත් පිළිබද හරවත් මත අදහස් වලට අප කවදත් එකගය.
ඒ ගැන සංවාද කිරිමටද කැමැතිය. එහෙත් කුණුහරුප කොටන නැහැදිච්ච බයියන් වෙනුවෙන් අප ඉදිරියේදි පිළිතුරු දෙන්නේ මෙසේය.
හදවතක තෙතමනයක් නැති එකෙකු සංගීත කාරයෙකු වන්නේ කෙසේ දැයි අප නම් නොදනිමු.