මේ ජීවිත වලට වටිනාකමක් නැද්ද ?

0
61

මීගමුව  රෝහලේ   කුණු අදින  ,  කාණු  පිරිසිඳු කරන,  අනුන්ගේ  කුණු  සුද්ධ   කිරීමේ  යෙදෙන  මිනිසුන්ගේ  කථාව  ඉතාම  ශෝචනීය    බව  ඒගැන  විමසා  බැලීමේදී  පැහැදිළි විය.  රෝහලේ   42ක්  වැනි  පිරිසක්   ඔමෙගා  නම්  මීගමුවේ   පවත්වාගෙන  යනු ලබන පෞද්ගලික  ආයතනයට  අනුබද්ධව  වැඩ කරයි.  දිවා  රෑ  මෙම  පිරිසිඳු  කිරීමේ  කටයුතු  සිදුකරන   මෙම  සේවකයින්ට  පැය 8ක  වැඩමුරයට  ඔවුන්ට  ලැබෙන්නේ  රු.500 කි  නැතිනම්  රු.650ක  වැටුපකි.
මේ  සදහා  පේෂීට්  නොලැබෙන බවත්  අතිකාළ  ගෙවීම්  නැති  එසේම   කළයුතු    වැඩ  වෙහෙස  නොබලා  අවසන්  කිරීමට  බලකෙරන  පරිසරයක්  නිර්මාණය  වී  ඇතිබවත්,   එසේම  තමන් ගේ  ප්‍රශ්ණ  කිසිවෙකුට  කියා ගැනීමට  නොහැකි  තත්වයකට  මොවුන්  පත්වී  ඇතිබවද   අපට  වාර්තා වේ.  නිහඩව  තම  රාජකාරිය  ඉටුකරන   මේ  අහිංසක  මිනිසුන් ගේ  ජීවිත  පිළිබඳව   කිසිවෙකු  මෙතෙක් අවධානය  ‍යොමුකොට  නැත.index