මේ තිරිසන් රියදුරන්ට අපි පාඩම් කියාදෙන්නේ කවදාද..?

0
105

කුරණ ශා.ආනා විදුහලේ සිසුවියක් පසුගිය දිනක ඉතා අවාසනාවන්ත ලෙසින් බස්රථයක් තුලදිම සිය ජිවිතයෙන් සමුගත් පුවතක් අප පළ කළෙමු.

මේ අවාසනාවන්ත සිද්ධියට පසුපසින් ඇති තවත් එක් අති අමානුෂික සිදුවිමක්ද වේ.එනම් මේ සිසුවිය පැමිණි බස්රථයේ රියදුරු සහ කොන්දොස්තරය.

මේ බස් රථය හදිසියේ සිදුකළ තිරිංග තද කිරිම නිසා බස් රථය තුල ඇද වැටීමෙන් සිහිසුන් තතවයකට පත්ව වු මේ සිසුවිය හැකි ඉක්මනින් මේ බස්රථයෙන්ම මීගමුව රෝහලට ගෙන යන ලෙස  බස් රථයේ සිටි බොහෝ දෙනෙකු පවසා තිබුනද  ඇයව වහාම එම බස් රථයෙන්ම මීගමු රෝහලට ගෙන යාමට අදාල අය කටයුතු නොකළේය..

WP-HG -1341 අංක දරණ එම බස් රථයේ රියදුරු සහ එම බස් සහයකයා සිදු කර ඇත්තේ එතැන් සිට සිය`ඵ බස් නැවතුම් වලින් මගීන් ගැනීමය. පසුව මීගමුව ගල් කන්ද හංදියේදී මේ බස් රථයේ රියදුරු සහ  බස් සහයකයා කුරණින් බසයට නැගුනු සියළුම පාසල් ලමුන් බලෙන්ම බස්සවා ඇත.

කරකියා ගත දෙයක් නොවුණු මෙම සිසු සිසුවියන් පසුව මාර්ගයේ ගමන් කල තී‍්‍ර රෝද රථයකට තම මිතුරියව නංවා මීගමුව රෝහලට ඇතුලත් කරන්නට කටයුතු කර තිබිණි.

P1080532 newඅයෙක් මියගියද මේ පුද්ගලික බස්රථවලට එහි සියළු දෙනා කෑලි පමණය.මෙවන් තිරිසුනුන්ට මේ සමාජය විසින් නිවරදි පාඩම් කියාදිමේ දිනය කල්යැවිම අනුමත කළ හැකිද..?