මේ දවස්වල උණ රෝගය වෛරස් තුනක එකතුවක්

0
376

 

උතුරු මැද පළාතේ ඇතුළුව රට පුරා මේ දිනවල සීඝ්‍රන් පැතිර යන, ‘උණ රෝගය’ වෛරස්  තත්ත්වයක් බැවින් හැකිතාක් කණ්ඩායම් වශයෙන් එකතු වීමෙන් සහ වලකින ලෙසත් සමූහ වශයෙන් සිටින ස්ථානවලදී හැකිතාක් මුඛ ආවරණ පලඳින ලෙසත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී හේමා වීරකෝන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ වෛරසය ශ්වසන  ආශ්‍රිතව හටගන්නා බැවින් කැස්ස, සෙම්ප්‍රතික්ෂාව  මෙන්ම උණ සහ ඇඟපත වේදනාව යන රෝග ලක්ෂණ ප්‍රධාන වශයෙන් ඇති බව ප්‍රධාන වෛද්‍යවරිය පැවසුවාය.වෛරස් තත්ත්වය දින දෙක තුනකින් සමනය වුවද,  ඇතැම් රෝගීන් හට කැස්ස සෙම් ප්‍රතික්ෂාව ඇතුළුව ශ්වසන  රෝග මාසයක් දෙකක්  පමණ  වුවද කාලයක් පවතින බවද වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.

මේ වෛරසය ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදයක් ලෙසද පවතින බැවින් හැකිතාක් දුරට රෝගය වැලඳුණු අයගෙන් ඈත්ව සිටීමත්, කණ්ඩායම් සහ සමූහ වශයෙන් එක්වන ස්ථානවලදී මුඛ ආවරණ පැලඳීමෙන් රෝගය තමාට වැලඳීම වලක්වා ගැනීමේ වැඩි ඉඩ කඩක් ඇති බවද වෛද්‍යවරිය කීවාය.

අනුරාධපුරයේ පමණක් නොව රටපුරා මේ උණ රෝගය සීඝ්‍රයෙන් පැතිර යන බැවින් එය  වෛරසයක් නිසා, ප්‍රතිකාර ලබා නොගෙන   සුව වේ යැයි සිතා, නොසිට,  ප්‍රතිකාර ලබා ගන්නා ලෙසට ජනතාවට දන්වන වෛද්‍ය හේමා වීරකෝන් ප්‍රතිකාර නොකිරීමෙන් තදබල ලෙස ශ්වසනාබාධ ඇති විය හැකි බවද පෙන්වා දෙයි.ප්‍රතිකාර නොගැනීමෙන් සහ නොසැලිකිලිමත්කමෙන් සමාජය තුල ව්‍යාප්තිය  වැඩි වන බවද වෛද්‍යවරිය අවධාරණය කරයි.

එමෙන්ම විශේෂයෙන්ම වෙනත් රෝගයක් සඳහාද උණ රෝගය සහ කැස්ව සෙම්ප්‍රතිශ්‍යාව  ඇති විය හැකි බැවින් වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර අනිවාර්යෙන් ලබා ගන්නා ලෙසද වෛද්‍යවරිය දන්වා සිටියි.
ada.lk