මේ දවස්වල මිගමු ලෙල්ලමට ” ෆ්‍රිෂර් මාළු ” ත් ගොඩබාලා ?

0
99
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80

( 9.30 am ) මීගමුටත් මේ දිනවල මාළු හිඟවි ඇත. අයහපත් කාලගුණයද එක් හේතුවකි .කෙසේ වෙතත් දැන් දින කිපයක් තිස්සේ ලැබෙමින් ඇති මාළු තොග ඉතා අඩුමට්ටමක පැවැතිම  හේතුවෙන් මාළු වර්ග සියල්ලකම මිළ ඉහල ගොස් තිබේ

සාලයා කිලොවක් පවා රු 500 ක් විය.

මේ අතර මේ දිනවල මිගමුව ලෙල්ලමට  අතිශිතකරන වල බහා තිබුන මාළු පෙට්ටි තොගයක්ද අලෙවිය සදහා ලැබි ඇතැයි ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි.
ලෙල්ලමේ මේ මසුන් හදුන්වන්නේ බෑග් මාළු සහ ෆ්‍රිෂර් මාළු යන නම් වලිනි.

මේ ලින්නා කිලෝවක් රු 500 කට මිලකට අද අලෙවි වු අතර උසස්ම ප්‍රමිතියේ අලුත් ලින්නා අලෙවි වි තිබුනේ රු 1000කටය.

ලින්නා අලගුඩුවා සහ හුරුල්ලන් මේ බෑග් මාළු වල අසුරු තිබේ

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ව්‍යාපාරිකයෙකු කියා සිටියේ ලින්නා වැනි මසුන් අඩු මිළ ගණන් වලට අලෙවි වන කාල වලදි මිගමුවේම ඇතැම් ව්‍යාපාරිකයන් ඒවා මිළදි ගෙන අධිශිතකකරණ වල බහා ලෙල්ලමේ මසුන් හිඟ කාලවලදි අලෙවිය සදහා යොදන බවය.

එබැවින් මේ මසුන් කොපමණ මාස ගණනක් අධිශිතකරණ වල බහා තිබේද යන්න කිසිවෙකුත් නොදනි

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here