පසුගිය දිනක අප නිවස පසුකරමින් ගිය මාළුකාරයාගේ වචන ටික ටිකක් වෙනස් වගේ ඇහුන හින්ද ටිකක් උවමනාවෙන් කන් දුන්නා.
මනුස්සයා දිගටම තම යතුරු පැදියේ මාළු පෙට්ටියත් බැදගෙන යන ගමන් කියන්නේ නෝනා ගන්න කුණුකොල්ලෙට දෙන මීගමුව මාළු යනුවෙනි.
ඔහුගේ ඒ මාළු අලෙවි ප්රචාරක වැකිය ඇත්තටම නිවරදිය.
මේ දිනවල මීගමුව වැල්ලේ පොඩි බෝට්ටුවලට මාළු ඇති පදමින් හසුවෙන්නට පටන්ගෙනය.මෙයිනුත් විශේෂ වන්නේ බෝල්ලා යන මතස්‍ය වර්ගය සහ කුම්බලාවන්ය.
මේවායේ කිලෝවක මිල පසුගිය දිනවල රු 80 සිට 150 අතර දක්වා පරාසයක පැතිර තිබුන අතර ඒවා අලෙවි කිරිමෙන් ලැබෙන මුදල අඩු නිසාම ඇතැම් ධීවරයන් මුහුදු යෑම පවා ටික දිනකට නතර කර ඇති බව අප හා පවසා සිටියේ මුන්නකරය ප්‍රදේශයේ ධීවරයෙකි.
කෙසේ වෙතත් පාපැදිවලින් හෝ යතුරුපැදිවලින් මේ මාළු වර්ග පිටපළාත් කරා රැගෙන ගොස් ග්රැම් ගණන් වලින් විකුණද්දි මේ අඩු මිළ අත්දකින්නට මාළු පාරිහෝගිකයාට ඇති ඉඩකඩ අඩුවුවද වැල්ලට යන්නේ නම් මේ දිනවල ඇති පදමට මාළු අඩු මිළට ගතහැකිය.